
හක්ගල අධිරක්ෂිතයෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ
- CNL Reporter
- November 9, 2024
- විශේෂාංග
- Coleus Hakgalensis Abeysekara, Haluwana & Nilanka, Kasunika, උද්භිද උද්‍යාන, හක්ගල අධිරක්ෂිතය
- 0 Comments
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.