හදිසි අවශ්‍යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න
- 5opn1
- November 5, 2024
- පුවත්, සංචාරක සහ චාරිකා
- හදිසි අවශ්‍යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න
- 0 Comments
-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමවේදයක් හෙට (6) සිට හඳුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය. එලෙස දිනයක් වෙන් කරගත් අයෙක් සඳහා හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාව පවතින්නේ නම් ඒ සඳහා එය සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බවත් ඒ සඳහා කටයුතු කිරීමට ස්වාධීන කමිටුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති බවත් ඇය කියා සිටියාය. මහජන ආරක්ෂක අමාත්යායංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇය ඊයේ (04) මේ බව පැවසුවාය. දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,200ක් ඒ අනුව නිකුත් කරන බව කියා සිටි ඒ මහත්මිය මේ වන විට නොවැම්බර් මාසය සඳහා දින ලබාදී අවසන් බැවින් දෙසැම්බර් මාසයේ සිට දින ලබාදීම සිදු කරන බව ද කියා සිටියාය. නව මාර්ගගත ක්‍රමවේදයේදී පෙර පැවැති ක්‍රමවේදයේ අඩු-පාඩු මඟහරවා ගනිමින් සකස් කරන ලද්දක් බවත් පැය 24 තුළ ඕනෑම වේලාවක දිනයක් වෙන් කරගත හැකි බවත් කී ඒ මහත්මිය, යම් ගැටලුවක් ඇතොත් 1962 හෝ 1919 අමතන ලෙසත් දැනුම් දුන්නාය.
හදිසියේ අයකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදු කළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා. එහිදී ඔහුට එම අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකියවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න පුළුවන් යැයිද ඇය කීවාය.
අපි මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව සඳහා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙක්, පොලිසියේ නිලධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඇතුළු නිලධාරින්ගෙන් ඒ කමිටිවු සකස් කර තිබෙනවා. එය අපක්ෂපාතී ස්වාධීනව කටයුතු කරනවා. ඒ කමිටුව හමුවට ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සනාථ කරන්න පුළුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන්න කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූට ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව අපි නීත්‍යනුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටින බව කීවාය.
මේ වන විට අප වෙත විදෙස් ගමන් බලපත්‍ර 50,000ක තොගයක් ලැබී තිබෙනවා. ඉන් 33,000ක පමණ ප්‍රමාණයක් මේ වන විට ඉතිරි වී තිබෙනවා. ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයිනේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවාව ඔස්සේ විදෙස්ගමන් බලපත්‍ර 1200ක ප්‍රමාණයක් නිකුත් කළ හැකියි. පවතින තත්ත්වය ඉක්මනින් සමනයට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ අවස්ථාවට ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක දෙව්මිත් රෝහණ, තොරතුරු සන්නිවේදන අධ්යක්ෂ තරුෂි ගුණතිලක යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.
සුභාෂිණී සේනානායක
ඡයාරූපය- දුෂ්‍යමන්ත මායාදුන්න