
හැකි ඉක්මනින් ඇමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක්
- CNL Reporter
- April 25, 2025
- දේශපාලන
- ඇමෙරිකා – ශ්‍රී ලංකා
- 0 Comments
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ නියෝජිතයෝ එකඟතාවකට එළඹ ඇත.
මේ එකඟතාව පරිදි හැකි ඉක්මනින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබේ.
අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පැවති සාකච්ඡාවේ දී මේ එකඟතාව ඇතිකරගත් බව රජය කියයි.
මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති ග්‍රියර් මහතා දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට අපේක්ෂා පළ කර තිබේ. පසුගිය දිනවල ඇමෙරිකාවට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී එහි තානාපති ජේමිසන් ග්‍රියර් මහතා හමුව ඇත