හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් නිවේදනයක්
- 5opn1
- December 14, 2024
- දේශපාලන
- හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් නිවේදනයක්
- 0 Comments
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.එහි සඳහන්ව ඇත්තේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇති බවය.හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් වන බව නිරීක්ෂණය වී ඇත.එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බවත් සඳහන් කරයි.ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය ඇත. එම සංඛ්‍යාවට අමතර වරින් වර කමිටුව රැස්වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සාමාජිකයින්ද යොදවා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
divaina