හිටපු ජනාධිපතිවරු ප්‍රතිලාභ සහ වරප්‍රසාද සොයමින් රට ආර්ථික අගාධයට හෙළද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විවේකී සැදෑ සමයක් සඳහා නොනිමි සටනක

බදුල්ල ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවකු විසින් ඔහුගේ සහ සොහොයුරියගේ ජීවන පැවැත්ම සහ අධ්‍යාපනය පිණිස මුදල් ඉපයීම සඳහා ඔවුන්ගේ ආතම්මා විසින් සකසා දෙනු ලැබු දෙදොල් අලෙවි කිරීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාල තුල මෑතකදී සංසරණය වු උණුසුම් පුවතක් විය.

එම දරුවා පවසන ආකාරයට ඔහුගේ දෙමාපියන් ඔහුත් ඔහුගේ සෙහොයුරියත් අනාථ කර දමා ගොස් වෙන් වෙන්ව සහකරුවන් සමග විවාහ වී සිටින අතර මිත්තණිය විසින් එම දරු දෙදෙන බාරගෙන රැකබලා ගනු ලබයි. ගුණ යහපත් තැනැත්තකු විසින් එම දරුවාට රසවත් අහරක් පිරිනමා ඇති අතර එම අවස්ථාවේදී දරුවා පවසා ඇත්තේද එය මිලදී ගැනිමට තරම් තමාට මුදල් නොමැති බවත් සොහොයුරියට සහ මිත්තණියට නොදී තමන්ට පමණක් ආහාරය රස විදීමට අයිතියක් නොමැති බවත් ය.  මෙම පුවත සමාජ මාධ්‍ය තුල සීඝ්‍රයෙන් සංසරණය වනවාත් සමඟ ම ක්‍රියාත්මක වූ  පරිවාස නිළධාරි සහ සමාජසේවා නිළධාරි එම පිරිමි දරුවාගේ නිවසට වහාම ගොස් දරුවා දිනපතා පාසල් යවන බව තහවුරුකරගෙන මිත්තණියට ඇගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදී. මෙම කථාවේ වීරයා මෙම කුඩා දරුවා ය. දරුවන් රැකබලා ගන්නා මිත්තණිය වීරවරියයි. මෙම පුවතට වැදගත්කමක් ලබා දීම හේතුවෙන් පරිවාස සහ සමාජසේවා නිළධාරීන්ට එම ගැටළුවට වහාම මැදිහත් වී ළමයෙකු වශයෙන් දරුවාට ද ජේෂ්ඨ පුරවැසියෙකු වශයෙන් මිත්තණියටද අවශ්‍ය සහාය සැලසීමට හැකියාව ලැබුණි.

එහෙත් බොහෝ පුද්ගලයන් සහ ප්‍රතිපත්ති සකසන්නන් තවමත් අවබෝධ කරගෙන නොමැති කාරණය නම් අපගේ ආර්ථිකයෙහි ජීවනාලිය වන ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල  සංක්‍රමණික සේවකයන්ගේ ප්‍රේශණ මෙරටට ලැබීමට සලස්වන සංක්‍රමණික පවුල්වල සමස්ථ ජීවන බර දරා සිටින්නේ එකී පවුල් වල වයස්ගත දෙමව්පියන්ය යන්නයි.

මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ දරුවන් හැර දමා දෙමාපියන්ට සැනසිලි සිතින් මෙරටින් බැහැර වීමට ඉඩ සලසා දි පවුල ඒකරාශී කොට බැඳ තබන සහ පවුලේ ජීවන බර දරා ගනිමින් මෙරට ආර්ථිකයේ තිරසාරත්වයට වඩාත් වැදගත් වන විදේශ විනිමය ගෙන ඒමට ජේෂ්ඨ පුරවැසියන් කෙරෙහි මේ දක්වාම කවරෙකු විසින් හෝ අවධානය නොදීම ඉස්මතුකර දැක්වීම යි.

සංචාරක කර්මාන්තය මගින් ලැබෙන විනිමය

අප රට ලොව අග්‍රගන්‍ය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ශේණිගත වී ඇත. ජුනි මාසය දක්වා සංචාරක කර්මාන්තයෙන් උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7 කි. මෙම ආදායම ඉහළ නැංවීම සහ පවත්වාගෙන යාම සදහා සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ද ඔවුනට සහන සලසා දෙමින් ද හෝටල් කර්මාන්තය නඩත්තු කිරීම සඳහා රජයටත් ජනතාවටත් ආයෝජනය යැයි ව්‍යවහාරික නාමයකින් විශාල ලෙස පිරිවැයක් ගෙවීමට සිදු වී ඇත. දේශපාලන ස්ථාවරත්වයට බලපෑම් විය හැකි ඕනෑම අභ්‍යන්තර කළකෝළායහයකින් සංචාරක කර්මාන්තය ඕනෑම අවස්ථාවක බිඳවැටීමට ලක් වීමේ අවධානමකට පාත්‍ර වී ඇති බව අප විසින් අමතක නොකළ යුතුය. එතෙකුදු වුවත් මේ සියල්ල පිටුපස ඇති සංකල්පය නම් “රටට ප්‍රතිලාභ ලැබීමට නම් සංචාරකයාට ප්‍රතිලාභ සැලසිය යුතුය” යන්නයි.

ශ්‍රම සංක්‍රමිණකයින් සහ ෂඵත්‍ මගින් ලැබෙන ආදායම

දැන් අපි මෙම අංශය විදේශ රැකියා හෝ ශ්‍රම සංක්‍රමණික අංශය සමග සසඳා බලමු. ෂඵත්‍ මගින් දැඩි කොන්දේසිවලට යටත්ව ලබා දී ඇති ණය පහසුකම වසර 04ක් සදහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් එනම් වසරකට බිලියන එකකට අඩු ප්‍රමාණයක් වෙද්දී 2025 වර්ෂයේ මුල් මාස 06 තුළ විගමණික ප්‍රේෂණ මගින් උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.43 කි. සංචාරක කර්මාන්තයෙන්, ෂඵත්‍ මගින් සහ විගමණික ප්‍රේශණ මගින් ලද ආදායම සංසන්දනය කළ කල්හී ඉතාමත් පැහැදිලිව පෙනී යන්නේ  විගමණික ප්‍රේශණවල ආර්ථිකමය වටිනාකම සෙසු ක්ෂේත්‍ර හා සැසඳිය නොහැකි තරම් ඉහළ බවයි.ශ්‍රම සංක්‍රමණය වෙනුවෙන් රජය දරණ වැයබර හෝ සිදුකරන ආයෝජනය සම්බන්ධයෙන් කථා කිරිමට වඩා   සංක්‍රමිණකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රටට ආදායමක් ගෙන ඒම වෙනුවෙන් ආයෝජනය වශයෙන් ගෙවනු ලබන සමාජයීය පිරිවැය පිළිබඳ සළකා බැලීම වටී.

සංක්‍රමණය හේතුකොට ගෙන මව හෝ පියා හෝ දෙදෙනාගෙන්ම ලැබෙන ආරක්ෂාව නොමැති වීමෙන්  එම පවුලේ මඟපෙන්වීම, ආදරය සහ රැකවරණය, වෙන්වීම, නියමිත වයසට එළඹීමට පෙර විවාහ, බාලවයස්කාර ගැබ්ගනීම්, සියදිවි හානි කරගැනීම් සහ දිකක්සාද යනාදි ප්‍රශ්න හටගනී.   වැනි ඉහළ සමාජයීය අගයක් ගන්නා  මනුෂ්‍ය ජීවිතයේ එකිකෙතට බැඳුණු අරමුණු හා ගැටීමට එතුළින් පවුලට බල කෙරේ.එසේ වුව ද මේ සියල්ලටම අමතරව  මුණුබුරු මිණිබිරියන් රැකබලා ගැනීමේ පරම වගකීම මිත්තණියන් හට  බාරගැනීමට සිදුවන්නේ ඔවුන්ට ඔවුන්ගේම කායික සහ මානසික තත්ත්වය පවා වාරු කර ගැනීමට නොහැකි මෙන්ම කවුරුන් විසින් හෝ ඔවුන්ව ද රැකබලා ගත යුතු අවධියක පසුවෙද්දී ය.

මෙම ලිපිය ලියද්දී වයස්ගත මාපියන් විසින් රැකබලාගනු ලබන සංක්‍රමිණික පවුලක් මට  හමුවිය. හැටන් ප්‍රදේශයේ ඇබෝල්ස්ටන්හි වත්තෙ මාස්ක් කොටසෙහි එක් වැන්දඹු මවක් මා වෙත හෙලිදරව්කළ කථාවෙන් සංක්‍රමණික පවුල් ඇඳවැටී තිබෙන සැබෑ  තත්වය විශේෂයෙන්ම වයස්ගත දෙමව්පියන්ගේ ඛේදනීය තත්වය මොනවට පැහැදිලි වන අතර  මෙම පවුල් කෙරෙහි රජයෙන් මෙන්ම සමාජයෙන්ද දක්වන නිද්‍රාශීලී ආකල්පය සම්බන්ධයෙන් හඬක් නැගිය යුතු බවට බල කෙරේ.එම තරුණ මව මෙසේ කියා සිටියාය. “මගේ ස්වාමිපුරුෂයා දරුණු වකුගඩු ආබාධයකින් පෙලුණා. ඔහුගේ බෙහෙත් ගන්න මම ණය වුණා. ඒ මුදල ආපසු ගෙවීමට මට බැරි වූ නිසා මගේ දෙමව්පියන්ට දරුවන් තිදෙනා බාරදී විදේශගත වුණා. එම දෙමව්පියෝ  වයස අවුරුදු 60 ට වැඩියි. මා විදේශගතවී මාස දෙකකින් මගේ ස්වාමිපුරුෂයා මිය ගියා.මට රැකියාව ලබා දුන් පවුලේ අය මට  ලංකාවට ආපහු එන්න දුන්නේ නෑ. ඔවුන් රැකියා නියෝජිත වෙත ලබා දුන් කොමිස් මුදල  ආපසු ගෙවනවානම් විතරයි මට එන්න පුළුවන් කීවේ.ඒ අනුව මට ස්වාමිපුරුෂයාගේ මළගෙදරට එන්න බැරි වුණා. මා එවන මුදල් (ප්‍රේශන)ණය මුදල ගෙවීමට ප්‍රමාණවත් නොවුන නිසා මාගේ ස්වාමිපුරුෂයාගේ  පියාට ද දෛනික වැටුප් යටතේ රැකියාවක් කිරීමට සිදු වුණා. අධි රුධිර පීඩනය නිසා ඔහුට ද දැන් වැඩ කිරීමට බැරිය . බෝහෝ දුෂ්කරතා මධ්‍යයේ වයස්ගත දෙමව්පියන් දරුවන් රැකබලා ගත්තා. එහෙත් දරුවන්ගේ හිතුවක්කාර ගති ඔවුන්ට පාලනය කරගන්න බැහැ. ඒ වගේ ම  දරුවන් දිනපතා පාසල් යනවා ද දන්නෙත් නැහැ. දරුවෝ ඉගෙනීමට උනන්දු අඩු වෙලා ගියා.ඒ නිසා මට අවුරුදු දෙකකට පසු පැමිණිමට සිදු වුණා. මම තවමත් ණය මුදල සම්පුර්ණයෙන්ම ගෙවලා ඉවර නැත. වත්තෙන් මට වැඩ දෙන්න බෑ කියනවා. මොනවා හරි  වැඩකට ගියත් මට තවමත් සම්පුර්ණයෙන්ම මගේ මාමණ්ඩිය සහ නැන්දණිය මත යැපෙන්නට සිදුවී ඇත. හරිනම් දැන් ඔවුන් පසු වන්නේ අපෙන් උදව් ලැබියයුතු කාලයකයි. අවාසනාවකට වගේ ඔවුන්ට සිදු වී ඇතිතේ අපේ දරුවන් රැකබලා ගැනීමටයි.“  වතු සහ ග්‍රාමීය  ප්‍රදේශ වල බෝහෝ සංක්‍රමණික පවුල් වල තත්ත්වය මෙයයි. පියා මව හෝ දෙදෙනාම සංක්‍රමණය වන පවුල් ඔවුන්ගේ වයස්ගත මාපියන් මත යැපෙති. අපගේ ආර්ථිකයේ ජීවනාලිය වන සංක්‍රමණික ප්‍රේශණ සම්බධයෙන් අපි කථා කළත් අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවන කරුණ නම් එකී සංක්‍රමණික පවුල්වල සමස්ථ ජීවන බර වයස්ගත මා පියන් විසින් දරණු ලබන බව කාටත් නොපෙනෙන සත්‍යය බවයි. මෙවන් පසුබිමක් යටතේ පාලන බලය ඇති අය විසින් සහ ප්‍රතිපත්ති සකසන්නන් විසින් ජේෂ්ඨ පුරවැසියන්ට හිමි විය යුතු ගෞරවය සහ දායකත්වය පිරිනැමීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට කල්පනා කළ යුතුව ඇත.

අපගේ ආර්ථිකයෙහි තිරසාරත්වය උදෙසා සංක්‍රමණික පවුල් විසින් කැප කරනු ලබන  මානව බැඳීම් සහ මානසික  සුවතාව වැනි ආයෝජන මාර්ගයෙන් පිළිඹිබු වන සමාජයීය පිරිවරිවැය හි අගය නොගිණිය හැකි තරම් හෙවත් අප්‍රමාණික බව ඉතාමත් පැහැදිලි ය. එසේම සංක්‍රමණික පවුල්වල වයස්ගත දෙමව්පියන් සම්බන්ධ ප්‍රශ්නය ප්‍රධාන මානවවාදී ගැටළුවක් වුවද වයවස්ථාදායකය හා සමාජය ඒ කෙරෙහි නිසි අවධානය යොමුකිරිමට අපොහොසත් වීම අන් සියල්ලටම වඩා හෘදසාක්ෂ්‍යයට අවිෂය කරුණක් මෙන්ම ආචාරධරවලට පටහැනි කරුණක් ද වේ.  රටට ප්‍රතිලාභ ලැබිමට නම් සංචාරකයන්ට ප්‍රතිලාභ සලසා දිය යුතුය යන සංකල්පය සංචාරක කර්මාන්තය සමඟ ආසත්ත වී ඇත. එහෙත් සංක්‍රමණික කර්මාන්තය දෙස බැලු විට රට සම්පුර්ණ වශයෙන් ප්‍රතිලාභ ලබන්නේ සංක්‍රමණික සේවකයන්ගේ, විශේෂයෙන්ම සංක්‍රමණික පවුල්වල වැඩිහිටියන්ගේ ගැටළු පාගා දමමින් ය. මෙය සැබවින් ම සාදචාරාත්මක ද ?

මෙම සන්දර්භය තුළ, සංක්‍රමණික පවුල්වල ”වැඩිහිටියන්ගේ” වැදගත් දායකත්වය සහ ගැටලුව ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව සංක්‍රමණික හඬ ජාලයේ *:ඪදජසැ දf ඵසටර්බඑි-ඪධඵ*  අදහසයි. වැදගත් ක්‍රියාකාරී දායකයින්ගේ – සංක්‍රමණික කර්මාන්තයේ වැඩිහිටියන්ගේ – දුක්ඛිත තත්වය ඉස්මතු කිරීමෙන් පසු, ඪධඵ ප්‍රතිපත්ති සම්පාදකයින්ට පහත නිර්දේශ ඉදිරිපත් කරයි.

■ මෙය ජාතික සදාචාරාත්මක සහ මානුෂීය ගැටලුවක් ලෙස සලකගන්න .

■ සංක්‍රමණික පවුල්වල වැඩිහිටි රැකබලා ගන්නන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා වැඩිහිටි ජාතික ලේකම් කාර්යාලය එහි ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතුය.

■ ප්‍රාදේශීය සංවිධාන, ප්‍රජාවන් සහ වැඩිහිටියන්ම සම්බන්ධ කර ගනිමින් ප්‍රජා පාදක පවුල් සත්කාර සැලැස්මක් සකස් කරන්න.

■ වැඩිහිටි භාරකරුවන්ගේ ධාරිතාව සහ සහාය අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා පවුල් පසුබිම් වාර්තා සහතික කරන්න.

■ පවුල් රැකවරණයට සහාය වීම සඳහා ගම් මට්ටමින් සංක්‍රමණික සමිති ශක්තිමත් කරන්න.

■ ■ සංක්‍රමණික පවුල්වල වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සංක්‍රමණික සංවර්ධන සහ සුභසාධන නිලධාරීන් බල ගැන්වීම.

■ නැවත පැමිණීම සහ සමාජගත” කිරීම ප්‍රතිපත්තියට නිසි ලෙස අරමුදල් සැපයීම.

■ මෙම ගැටලුව සම්බන්ධයෙන් සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ආගමික ආයතන දිරිමත් කරන්නග

ඉහළම වරප්‍රසාද සහ පහසුකම් භුක්ති විඳිමින් රට බංකොලොත්භාවයට ගෙන ගිය හිටපු ජනාධිපතිවරු නිර්ලජ්ජිතව ඔවුන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ සහ වරප්‍රසාද සඳහා සටන් කරති. නමුත් අපගේ ආර්ථිකයේ ජීවනාලිය වන කම්කරු සංක්‍රමණිකයින්ගේ පවුල්වල බර දරාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ “සාමකාමී විශ්‍රාම යාම” සඳහා අරගල කරමින් සිටිති. මෙය සාධාරණ හා සදාචාරාත්මකද?

අදාළ සියලු දෙනාගේ හෘද සාක්ෂිය නැවත මෙනෙහි කිරීම සඳහා මෙම ප්‍රශ්නය මතු කිරීමෙන් මම අවසන් කරමි.

| මයිකල් ජෝකිම්

සංක්‍රමණික හඬ ජාලයහා සහ වතුකර ග්‍රාමීය අධ්‍යාපන | සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ

Tags:

Leave A Comment