
හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
- CNL Reporter
- November 5, 2024
- දේශපාලන
- හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
- 0 Comments
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු තිබුණි.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ADN