
154 වන කණ්ඩායමත් ඊශ්රායලයට
- CNL Reporter
- February 7, 2025
- ආයෝජන
- Israel, migrant
- 0 Comments
ඊශ්රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා දින (2025.02.06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්ර ලබා දීම සිදු වුණි.
මෙලෙස ඊශ්රායලයට පිටත්ව යෑමට සූදානම් වන්නේ 154 වන කණ්ඩායමයි. මෙම එකලොස් දෙනා අතර කාන්තා රැකියාලාභීන් නව දෙනෙකු සහ පිරිමි රැකියාලාභීන් දෙදෙනෙකු ඇතුලත් ය.
2025 ජනවාරි මස පළවෙනිදා සිට ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ පිරිස මෙම කණ්ඩායමද ඇතුළත්ව 131 කි. ඊශ්රායල් රජය හා ශ්රි ලංකා රජය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්රී ලාංකිකයන් 2,021 දෙනෙකු සඳහා ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී ඇත.
නිපුණතා සහිත ශ්රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්රමිකයින් යොමුවීමේ ප්රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.