
2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්
- CNL Reporter
- January 11, 2025
- දේශපාලන
- 2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්
- 0 Comments
2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.
ඒ වසරේදී මගී ප්‍රවාහන බස් අනතුරු සංඛ්‍යාව 2005කි. ඉන් ලංගම බස් අනතුරු සංඛ්‍යාව 515ක් වන අතර, පෞද්ගලික බස් අනතුරු සංඛ්‍යාව 1490කි. ලංගම බස් අනතුරුවලින් පුද්ගලයන් 50ක් ද පෞද්ගලික බස් අනතුරුවලින් 148ක් ද ජීවිතක්ෂයට පත් වී ඇත. 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 දක්වා රිය අනතුරු 24,589ක් සිදු වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2359කි.
දීපාල් සමරසේකර