
2025 අයවැය සකස් කිරීමට ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා
- CNL Reporter
- December 13, 2024
- දේශපාලන
- 2025 අයවැය සකස් කිරීමට ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා
- 0 Comments
2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11 දා) ආරම්භ කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව ගැනිණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
divaina