ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ  161 වන ජන්ම දිනය  සමරයි

යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව, සාරනාතය ඇතුළු  දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්, මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ  (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්, එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම සහ පුණ්‍යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා …

Continue Reading

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම් –  බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.

Continue Reading

විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්

කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18)  දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

Continue Reading