විදේශ කටයුතු අමාත්‍යංශය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වී සිටිති.

දේශීය සංචාරකයින් ද වර්ෂ අවසානයේ නිවාඩු සමය ගතකිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් වාර්තා වේ‍.

එබැවින් ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ සංචාරක ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ‍විදේශීය සංචාරකයන්ට ද බාධා නොවන අයුරින් නිවාඩු සමය ගතකරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

 

Leave A Comment