CNCI සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව හලාල් කවුන්සිලයට කාර්මික විශිෂ්ටත්වය සඳහා රිදී සම්මානය පිරිනමයි
- 5opn1
- November 1, 2024
- ව්‍යාපාරික පුවත්
- CNCI සහ කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික විශිෂ්ටත්වය
- 0 Comments
CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්රමිතීන්, පාරිසරික සහ සමාජ වගවීම සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන නිර්ණායක කෙරෙහි අවධාරණය යොමු කරමින්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි ව්‍යාපාර කටයුතු සිදුකරන සංවිධාන විසින් අත්පත් කරගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණ අගයමින් මෙම සම්මාන ප්රදානය කෙරේ.
මෙම ස්වාධීන ඇගයීම් ක්‍රියාවලිය මඟින් ආයතනික මෙහෙයුම් කටයුතු නීතිමය තත්වයන්ට අනුකූලව සිදුවෙනවාද යන්නත්, සමාජ වගකීම් කෙරෙහි ආයතන දක්වන්නාවූ කැපවීමත් ඇගයීමට ලක් කරයි. HAC, 250කට අධික ශ්‍රී ලාංකික සේවාදායකයින් පිරිසකට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හලාල් සහතික කළ නිෂ්පාදන සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය සහය නිරන්තරයෙන් ලබාදී ඇත. දේශීය අපනයන කර්මාන්තයට ධනාත්මක බලපෑමක් ඇති කරමින් 2023 වසරේදී හලාල් සහතික කළ නිෂ්පාදන වලින් ලද අපනයන ආදායම ඩොලර් බිලියන 1.7ක් දක්වා ළඟා වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.
මෙම වසර මුලදී, HAC ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ජාතික ගුණාත්මකභාවය සඳහා වන ගෞරවනීය කුසලතා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරමින්, ගෝලීය තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලාංකේය නිෂ්පාදකයින් සවිබල ගැන්වීම වෙනුවෙන් HAC සිදුකරන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ඇගයීම මනා පිටිවහලක් වනු ඇත.