ලෝක කුසලාන ක්‍රිකට් තරගය විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකික විනිසුරුවරියට උපහාර
- 5opn1
- November 2, 2024
- විනෝදාස්වාදය
- ලෝක කුසලාන ක්‍රිකට් තරගය
- 0 Comments
කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක මෙන්ම ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙනෙවිය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති කාන්තා 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ ඇයයි.
ඇය පිළිගැනීම සඳහා කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම පාසල සංවිධානය කළ උත්සවයක් ඉකුත් 29 වැනිදා පැවැත්විණි.
එහිදී විදුහල්පතිනි ජෙෂිකා කුලතුංග පැවිදි සොයුරිය විසින් ඇය පිළිගෙන කැඳවාගෙන ආ ආකාරය සහ එම අවස්ථාවට සහභාගිවූ පිරිස ඡායාරූපවලින් දැක්වේ.
විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායිකාවන් ඇතුළු වත්මන් සිසුවියන් සහ ආදි ශිෂ්‍යා සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.
ඡායාරූප-කළුතර විශේෂ එස්. ආරච්චිගේ