නිල තෙරපුම රෝග ප්‍රතිකාරයක්ද?
- 5opn1
- November 4, 2024
- විනෝදාස්වාදය
- නිල තෙරපුම
- 0 Comments
කිසියම් රෝගයක දී ඊට අදාළ නිල තෙරපුම මගින් පමණක් එම රෝගය සුවපත් නොවේ. නිල තෙරපුම මගින් සිදු කරන්නේ පවතින රෝගය සුවය සඳහා උත්තේජනයක් ලබාදීම පමණි. එම උත්තේජනය සමග රෝග සුවය සඳහා කසාය, කල්ක, ගුළි ආදී ඖෂධ ද ලබාදිය යුතුය. ඊට අමතරව අවශ්‍ය නම් තෙල් සාත්තුව ද කළ යුතුවේ.
හිස සිට දෙපතුල දක්වා ඇති වන සර්වාංග රෝග සඳහා සිදු කරන ප්‍රතිකාරවලදී දේශීය ආයුර්වේදයේදී නිල ප්‍රතිකාරය ද සිදු කරනු ලබයි. මෙම නිල ප්‍රතිකාරය සිදුකිරීම වර්තමානයේ ඇතැම් පුද්ගලයන් වෛi වෘත්තීය අවභාවිතා කරනු වාර්තාවේ. එබැවින් නිල ප්‍රතිකාරයේ නිවැරදි ක්‍රමය පිළිබඳ අපි දැනුවත් වෙමු.
නිල තෙරපුම
සෑම පුද්ගලයකුගේම සිරුරේ හිස සිට දෙපතල දක්වා ප්‍රධාන නිල ස්ථාන 365කට අධික ප්‍රමාණයක් ඇත. ඒ අතර මර්මස්ථාන 09ක් ද ඇත.
මෙම මර්මස්ථාන ඇස් වටා, නාභිය, පෙකනිය, ලිංගේන්ද්‍රය, හෘදයවස්තුව ආශ්‍රිතව ඇති මෙම නිල තෙරපුමට ලක්කරන්නේ නැත.
සෙසු නිලස්ථාන අදාළ රෝගය අනුව තෙරපුමට ලක්කරනු ලබයි. එහිදී ප්‍රධාන නිලය ඇත්තේ හිස මුදුනේය. නිල තෙරපුම් ප්‍රතිකාරයේ දී එම හිස මුදුනේ ඇති නිලය තෙරපුමට ලක්කරමින් සෙසු නිල තෙරපුමට ලක්කළ යුතුය.
ඒ අනුව කන්පෙති, මුහුණ, දෙවුර, කොඳු ඇට පෙළ, දණහිස, දෙපතුල ආදී ස්ථානවල ඇති නිල තෙරපුමට ලක්කරයි.
ගැබිනි සමයේ දී මවගේ කුසේ සිටින දරුවා නිසි ලෙස හැරෙන්නේ නැති නම් මවගේ දකුණු කකුලේ සුළැඟිල්ලේ ඇති නිල තෙරපුමට ලක්කරනු ලබයි.
රුධිර පීඩනය ඉහළ ගොස් ඇති විට එය පහළ බැස්සවීම සඳහා වළලුකර ආසන්නයේ ඇති නිල තෙරපුමට ලක්කරයි.
නිල තෙරපුම ප්‍රතිකාරයක්ද?
කිසියම් රෝගයක දී ඊට අදාළ නිල තෙරපුම මගින් පමණක් එම රෝගය සුවපත් නොවේ. නිල තෙරපුම මගින් සිදු කරන්නේ පවතින රෝගය සුවය සඳහා උත්තේජනයක් ලබාදීම පමණි.
එම උත්තේජනය සමග රෝග සුවය සඳහා කසාය, කල්ක, ගුළි ආදී ඖෂධ ද ලබාදිය යුතුය. ඊට අමතරව අවශ්‍ය නම් තෙල් සාත්තුව ද කළ යුතුවේ. එනිසා නිල තෙරපුම මගින් පමණක් රෝගයක් සුවපත් කළ නොහැකි බව ආයුර්වේදයේ සහ දේශීය හෙළ වෙදකමෙහි දක්වා ඇත. යම් අයකු එසේ නොකරයි නම් එම තැනැත්තාට නිසි ලෙස නිල ප්‍රතිකාරය සිදු කිරීමට දැනුවත් නැති බව වටහා ගත යුතුය.
නිල තෙරපුම සිදු කිරීමේදී කුඩා දරුවන්ට එය සිදු කරන්නේ ඉතා මෘදු ලෙස නිල තෙරපුමට ලක් කරමිනි. වැඩිහිටියන්ට ද ඔවුන්ගේ වයස සහ දරා ගැනීමේ ශක්තිය අනුව නිල තෙරපුම සිදු කළ යුතුය.
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.
නිල තෙරපුම රෝග ප්‍රතිකාරයක්ද?
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.