NPP ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
- 5opn1
- November 17, 2024
- දේශපාලන
-
0 Comments
2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
එය මෙසේය
-
බිමල් රත්නායක – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
-
ආචාර්ය අනුර කරුණාතිලක – කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
-
මහාචාර්ය උපාලි පන්නිලගේ – රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
-
එරංග උදේශ් වීරරත්න – සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
-
අරුණ ජයසේකර – විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
-
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
-
ජනිත රුවන් කොඩිතුවක්කු – නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
-
පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි – ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
-
රාමලිංගම් චන්ද්‍රසේකර් – පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
-
වෛද්‍ය නජිත් ඉන්දික – සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
-
සුගත් තිලකරත්න – ඔලිම්පික් ක්‍රීඩක
-
නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
-
සුනිල් කුමාර ගමගේ – වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
-
ගාමිණී රත්නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
-
මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
-
සුගත් වසන්ත ද සිල්වා – සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
-
අබුබකර් ආදම්බාවා – දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක – රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)
-
ආර්. එච්. උපාලි සමරසිංහ – (වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක – ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක)