චීන ආයෝජකයෝ ලංකාවේ ICC නියෝජිතයෝ හමුවෙති
- 5opn1
- November 18, 2024
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට යුවන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මෝව් හොන්ජියන් (Mou Hongean) මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් පසුගියදා මෙරටට පැමිණියහ.
එම නියෝජිත පිරිසට එම වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් චෙන් හුයි (Chen Hui) උපදේශක ලී අන්ෂුන් (Li Anshun) Li Shu සමාගමේ සභාපති ලී බින් (Li Bin) Yunnak Haode සමාගමේ සභාපති හොන්ග් ජෙසින් (Hong Jsin) Lijang Jtahe සමූහයේ සභාපති හොන්ග් වෙන්සිග් (Hong Wenxig) Bazhan Cultural Communication සමාගමේ සභාපති (Chen Yingai)චෙන් යින්හායි සහ (Wang Dahu) වැන්ග් ඩාහු යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක් වූහ.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය (ICC Sri Lanka) ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් එහි ලේකම් හෙමකුමාර ගුණසේකර,උප සභාපති ජොනී ප්‍රනාන්දු,ජාත්‍යන්තර සබඳතා නියෝජ්‍ය ලේකම් බුද්ධප්රිය රාමනායක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කන්නාරත්නය යන මහත්වරු එක් වූහ.
මෙහි දී අදහස් දැක් වූ චීන නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්ති ව්‍යාපෘති,චීන ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා චීන සංචාරක ක්ෂේත්රය පුළුල් කිරීම,චීනයේ නිෂ්පාදන මෙරටට අපනයනය කිරීම,මෙරට නව චීන ආයෝජන අවස්ථා ඇති කිරීම යනාදී කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
ඒ පිළිබඳ අවශ්‍ය මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කිරීම,ඒකාබද්ධ ව්‍යාපෘති සඳහා මෙරට ව්‍යවසායකයින් සම්බන්ධ කරදීමට හේම කුමාර ගුණසේකර මහතා එකඟතාවය පළ කළේය.
එමෙන්ම ආසියාවේ විශාලතම ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු බේරුම්කරණ මධ්‍යස්ථානය ලබන මාසයේ මෙරට පිහිටුවන බව ද ඒ තුළින් ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතුවල නිරතවන පුද්ගලයන්ට විශාල සහනයක් සැලසෙන බව ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.
ඉන්පසු මෙම නියෝජිත පිරිස් පෝර්ට් සිටි හි සංචාරයක නිරත වී එහි නියෝජිතයන් සමඟ පෝට් සිටි හි ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.
මේ වසරේ දෙසැම්බර් මාසයේ යූවාන් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයට මෙරට ආයෝජකයන් සහභාගී කරවන ලෙස යූවාන් වාණිජ මණ්ඩලය ICC ශ්‍රී ලංකා ලේකම් හේමකුමාර ගුණසේකර මහතාට ආරාධනා කළේය.
මෙම සාකච්ඡාව ICC කොළඹ කාර්යාලයේ දී පැවැත්වුණි.