නව කැබිනෙට්ටුව අද දිවුරුම් දෙයි -අගමැති ධුරයේ වෙනසක් නෑ
- 5opn1
- November 18, 2024
- දේශපාලන
- නව කැබිනෙට්ටුව අද දිවුරුම් දෙයි -අගමැති ධුරයේ වෙනසක් නෑ
- 0 Comments
ඇමැතිවරු 25ට අඩුවෙන් – නියෝජ්‍ය 27යි
නව රජයේ අභිනව ඇමැති මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරු 10ට දිවුරුම් දෙයි. නව කැබිෙනට්ටුව ඇමැතිවරු 25කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී යම් අමාත්‍යාංශයක අඩංගු විෂයයන්ට අදාළව නියෝජ්‍ය අමාත්‍යවරු එක් අයෙක් හෝ දෙදෙනකු පත් කිරීමට නියමිතය.
නව අමාත්‍ය මණ්ඩලයේ අගමැති තනතුර වෙනස් නොකරන බවත් හරිනි අමරසූරිය සහෝදරියම එම අගමැති තනතුරේ කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා පැවසීය.
ඇමැති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඇතැම්විට විශාල අමාත්‍යාංශ තනි නියෝජ්‍ය ඇමැතිවරයකුට පාලනය කිරීමට අපහසු විය හැකි බැවින් එවැනි අවස්ථාවල නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනකු පත් කිරීම සිදු විය හැකි බවය.
උපාලි කරුණාරත්න