විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- 5opn1
- November 23, 2024
- බැංකු සහ මූල්‍ය
- විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණවල විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී රුපියල් කෝටි 141,444ක (අමෙරිකානු ඩොලර් මිලියන 4,844) විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය 2023 වසරේ මුල් මාස නවයක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4,345ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර, ඒ අනුව මේ වසරේ එම කාලයේ දී ප්‍රේෂණවල සියයට 11.5ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
මේ වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ක ප්‍රේෂණ අගයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 556ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙන අතර එම මාසයේ දී පහළ යාමක් බවද මහ බැංකුව කියයි. කෙසේ වුවද පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ අමෙරිකානු ඩොලර් මිලියන 482ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවද කියා සිටී.
කෙසේ වුවද මේ වසරේ මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක අගය ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.
DMN