ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව ප්‍රශ්ණපත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශ ස්ථාවරය
- 5opn1
- November 25, 2024
- අධ්‍යාපන
- ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව ප්‍රශ්ණපත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශ ස්ථාවරය
- 0 Comments
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ලබන 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුණේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු තුනකින් ලබා දුන් නිර්දේශ ද අදාළ ස්ථාවරයට පාදක කරගන්නා බවය.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, එම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ ස්ථාවරය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බවය.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.
ඒ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී.
අතුරු තහනම් නියෝග ලබා දෙමින් විනිසුරු මඬුල්ල, ශිෂ්‍යත්ව විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත එය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස වගත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතාට දැනුම් දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවය.
එමනිසා පෙත්සම්කාර සිය සේවාදායකයින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන ප්‍රධානය කළ යුතු බවත් නීතීඥවරු අධිකරණය හමුවේ පවසා සිටියහ.
DMN