ඩොලරය පරදා රුපියල සියයට 11.3කින් ඉහළ ගිහින්
- 5opn1
- December 3, 2024
- බැංකු සහ මූල්‍ය
- ඩොලරය පරදා රුපියල සියයට 11.3කින් ඉහළ ගිහින්, ශිෂ්‍යත්වය යළි පැවැත්වීම සුදුසු නෑ – කැබිනට් තීරණය නීතිපති උසාවියට දන්වයි
- 0 Comments
මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේම මේ කාලයේදී අනෙක් විදේශ ව්‍යවහාර මුදල් වර්ග රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ අනුව මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල, යුරෝ මුදලට සාපේක්ෂව සියයට 16.7කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 11.6කින්ද, චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 13.6කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 18.4කින්ද, ඔස්ටේ්රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 17.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 13.2කින් ද ශක්තිමත් වී ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත