පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා
- 5opn1
- December 4, 2024
- දේශපාලන
- පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා
- 0 Comments
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2024‑09‑02 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
මේ පිළිබඳ 2024‑11‑25 වැනි දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් ද සහභාගි වී ඇති පක්ෂ නායක රැස්වීමේදී 2023 වර්ෂයේ කැඳවන ලද නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, සියලු ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සහ තරුණ ප්රජාවගේ ඡන්දය සඳහා නාමයෝජනා ලබා දීමේ අයිතිය ආරක්ෂා වන පරිදි දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා ආපසු කැඳවීමට සහ නව නාමයෝජනා කැඳවීමට… විධිවිධාන සැලැස්වීමට හැකි වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, මහාචාර්ය, ඒ.එච්.එන්.එච් අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නුවන් කොඩිකාර