නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP බුද්ධික මනතුංග
- 5opn1
- December 4, 2024
- දේශපාලන
- නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP බුද්ධික මනතුංග
- 0 Comments
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා නව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පෙරේදා (02) රාත්‍රී කාලයේ නිකුත් කරනු ලැබීය. ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස 2014 වසරේ ජනවාරි 01 වැනිදා පොලිස් සේවයට එක්වූ බුද්ධික මනතුංග මහතා 2020 වසරේ ජනවාරි 01 වැනිදා පොලිස් අධිකාරි ධුරයටත් 2024 වසරේ ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයටත් උසස්වීම් ලැබීය.
සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙසත් පොලිස් අධිකාරීවරයකු ලෙසත් මහනුවර, ත්‍රිකුණාමලය යන කොට්ඨාසවල සේවයේ නිරතව සිට ඇති ඒ මහතා මානව හිමිකම් කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ලෙසත් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙසත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ ලෙසත් සේවය කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහුව පත්කරනු ලබන්නේ කන්තලේ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදීය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන බුද්ධික මනතුංග මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත. නීතිවේදී උපාධිය හිමිකරගෙන ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයෙනි.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ලද දේශීය පුහුණු පාඨමාලා රැසක්ම හදාරා ඇති ඔහු රුසියාව, තායිලන්තය, පිලිපීනය හා කාම්බෝජය යන රටවලින් ද විශේෂ පුහුණුව ලබා තිබේ. බුද්ධික මනතුංග මහතා පොලිස් සේවයට එක්වූ කාලවකවානුව සහ ඔහු දැනට දරන තනතුරු විශ්ලේෂණය කිරීමේදී ඉදිරි වකවානුවේ ඔහු පොලීසියේ ඉහළම තනතුර දක්වා ගමන් කිරීමට ඇති අවකාශ බොහෝය.
ගයාන් කුමාර වීරසිංහ