හිටපු මැති ඇමැතිලා බාර් ලයිසන් 361ක් බෙදලා – නම් ලැයිස්තුවත් එළියට
- 5opn1
- December 5, 2024
- දේශපාලන
- හිටපු මැති ඇමැතිලා බාර් ලයිසන් 361ක් බෙදලා නම් ලැයිස්තුවත් එළියට
- 0 Comments
මේ වසරේ (2024) ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් දී ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අනාවරණය කළේය.
වයින් ස්ටෝස් හෙවත් එෆ්.එල්. නම් වූ බලපත්‍ර 172ක් ඒ අතර ඇති බව ද සභානායකවරයා පැවසීය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ඊයේ (04) අදහස් දක්වමිනි.
පක්ෂ මාරු කිරීම සඳහා දේශපාලන අල්ලස් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේවා යොදා ගත් බව ද සභානායකවරයා අවධාරණය කළේය.
සුරාසල් බලපත්‍ර ලබාදී ඇති නාම ලේඛනය පොදු මහජනතාවගේ හා මහජන නියෝජිතයන්ගේ දැන ගැනීම සඳහා සභාගත කරන බව ද සභානායකවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ මෙම කාලය තුළ බස්නාහිර පළාත තුළ බලපත්‍ර 110ක් ලබා දී ඇති බවයි.
එමෙන්ම දකුණු පළාත තුළ බලපත්‍ර 48ක්, උතුරු පළාතේ බලපත්‍ර 32ක්, නැඟෙනහිර පළාතේ බලපත්‍ර 22ක්, මධ්‍යම පළාතේ බලපත්‍ර 45ක් ආදි වශයෙන් ලබා දී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක බිමල් රත්නායක මහතා,
“මත්පැන් බලපත්‍ර සම්බන්ධ තොරතුරු සභාගත කරන බව මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ නිසා මම එම තොරතුරු ඉදිරිපත් කරනවා. ජනාධිපති කාර්යාලය මඟින් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් ලබාදී තිබෙනවා, නව සුරාබදු බලපත්‍ර ලබාදීම 2024 ජනවාරි 01 වැනිදායින් පසුව නිකුත් කර ඇති වාර්තාවක් මා වෙත නිකුත් කරන මෙන් දන්වමි.
එසේම නැවත දැනුම් දෙනතුරු කිසිම බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 22 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියයි ඒ. කරුණු කිහිපයක් මේ සභාවේ අවධානයට යොමු කරනවා.
මෙම කාලය තුළදී බස්නාහිර පළාත තුළ මුළු බලපත්‍ර සංඛ්‍යාව 110ක්, දකුණු පළාත තුළ 48ක්, උතුරු පළාතේ 32ක්, නැඟෙනහිර පළාතේ 22ක්, මධ්‍යම පළාතේ 45ක්, උතුරු මැද පළාතේ 14ක්, වයඹ පළාතේ 30ක්, ඌව පළාතේ 30ක්, සබරගමුව පළාතේ 30ක් යනාදි වශයෙන් සමස්ත බලපත්‍ර 361ක් මෙම කාලය තුළදී ලබා දී තිබෙනවා. මේ වයින් සිල්ලර වයින් ස්ටෝස් කියන එකට අයිති වන්නේ එෆ්.එල්. 4 කියන බලපත්‍ර. එවැනි බලපත්‍ර ලබා දී තිබෙනවා මෙම කාලය තුළදී 172ක්.
කොළඹ 22ක්, ගම්පහ 18ක්, කළුතර 08ක්, ගාල්ල 09ක්, මාතර 05ක්, හම්බන්තොට 05ක්, යාපනය 05ක්, කිලිනොච්චිය 16ක්, මුලතිව් නැහැ, වවුනියාව 02ක්, මන්නාරම 02ක්, ත්‍රිකුණාමලය 04ක්, මඩකලපුව 01ක්, අම්පාර 05ක්, මහනුවර 11ක්, මාතලේ 06ක්, නුවරඑළිය 08ක්, අනුරාධපුර 04ක්, පොලොන්නරුව 03ක්, පුත්තලම 06ක්, කුරුණෑගල 08ක්, බදුල්ල 09ක්, මොනරාගල 07ක්, රත්නපුර 06ක්, කෑගල්ල 02ක්. ඒ අනුව එෆ්.එල්. 04 කියන බලපත්‍ර 172ක් තිබෙනවා.
මේ බලපත්‍රවලින් තමයි මන්ත්‍රීවරුන්ගේ නමුත් වෙනස් වුණේ බාර්තුමා කියලා. ඒ වගේම මීට අදාළ නාම ලේඛනය මම සභාගත කරනවා. ජනතාවට වගේම මන්ත්‍රීවරුන්ට දැනගන්නත් පුළුවන්. මේවා දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කරන්න පාවිච්චි කරා කියන එකත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.
පාර්ලිමේන්තුවේ මට්ටම උසස් කිරීම සඳහා සාධනීය ආකාරයෙන් මෙම විවාදය පවත්වාගෙන යෑමට අපට හැකි වුණා. ඒ වගේම නවක මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනෙක් සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කළා. අපේ රටේ ජනතාව පාර්ලිමේන්තුව හෙළා දැකපු යුගයක් තිබුණේ. නමුත් පසුගිය කාලේ තිබුණු රස්තියාදු ගතිය මේ පාර්ලිමේන්තුවේ දකින්නට ලැබුණේ නැහැ. අපි විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු හෙළාදැක්කේ නැහැ” යැයි ද කීවේය.
හිටපු ඇමැතිවරුන්ගේ නිර්දේශ මත එසේ මත්පැන් බලපත්‍ර ලබාගත් අයගෙන් කොටසක් මෙසේය.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය
ජැෆ්නා ස්ප්‍රීට් (ප්‍රියිවට්) කොස්වත්ත, කළපළුවාව
සෙරින් බ්‍රිජ් රිසෝට් (ප්‍රයිවට්) ලිමිටඩ්.
හයිලෙවල් පාර, වටරැක, පාදුක්ක
පී.ඩබ්ලිව්. රංජිත් ධර්මකීර්ති.
ලාල් ෆාමසි, වැලිමඩ
සියාකා සුපර් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ්.
ජාලියගොඩ, පිළියන්දල
මරීනෝ පබ් (ප්‍රයිවට්) ලිමිටඩ්,
බිම්මහල, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3.
වඩුගේ දොන් චන්ද්‍රසිරි
තුන්තාන, හංවැල්ල.
මායා හෝල්ඩින්ග්ස්, ප්‍රයිවට ලිමිටඩ්
ග්‍රීන් ලංකා ටවර්ස, පළමු මහල, නවම් මාවත, කොළඹ 2.
මොරකන්ද ගමගේ සුනිල්, පාසල් මාවත, මහරගම.
සුන්දරලිංගම් මංගල දර්ශන්,
පහළ රජවීදිය, බදුල්ල.
දොන් නුවන් සමීර අත්තනායක
කුඩා මාදුව, සිද්ධමුල්ල, පිළියන්දල.
පිටිගල මුහන්දිරම්ලාගේ ජයසුන්දර,
පහළ රජවීදිය, පිළියන්දල.
පරකැටඇලලේ වත්තේගෙදර රංජිත් ධර්මකීර්ති
ලාල් ෆාමසි, වැලිමඩ.
ද ස්ප්රිට් මර්චන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්,
ගාලු පාර, මස්සල, බේරුවල.
සිලෝන් ලිකර් හෝල්ඩින්ග්ස්,
සඟබෝ මාවත, වන ගලවිලවත්ත, හෝමාගම.
සී.ඊ.සී.ඇග්‍රෝ (ප්‍රයිවට්) නාවල පාර, රාජගිරිය.
ජයසවින් (ප්‍රයිවට්) ලිමිටඩ්, බණ්ඩාරවත්ත, හීනටිකුඹුර,
තලංගම උතුර, බත්තරමුල්ල.
මෙගා විට්කල්චර් (ප්‍රයිවට්) දුටුගැමුණු වීදිය, කොළඹ 6.
ද ලිකර් කම්පැණි (ප්‍රයිවට්) ලිමිටඩ් කළුතර පාර,
බණ්ඩාරගම,
සිංහාර ෂෙහාන් තරුෂ සිල්වා, ජයදුමනාරාම පාර, රත්මලාන,
ඒෂියා පැසිෆික් රිටේලර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, පහළ
රජවීදිය, බදුල්ල.
වික්ටෝරියා ඇන්ඩ් සන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඕල්කට් මාවත,
කොළඹ 11.
ෆලෙක්සිකෝ වෙනචර්ස් පුද්ගලික සමාගම,
අංගම්පිටිය පාර, ඇතුල්කෝට්ටේ.
ඉතිරි නම් ලැයිස්තුව හෙට (06) පුවත්පතේ පළ වේ.
Dinamina