කොටස් වෙළෙ­ඳ­පො­ළ ඉතිහාසයේ ඉහළම අගයට

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) ඉති­හා­සයේ ඉහ­ළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.

ඒ අනුව ඊයේ දිනයේ ගනු­දෙනු අව­සා­න­යේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සට­හන් වී තිබිණි.

එය මෙතෙක් ඉති­හා­සයේ වාර්තා වූ ඉහ­ළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යෑමක් බව කොටස් වෙළෙ­ඳ­පොළ ආරංචි මාර්ග පව­සයි.‍

2022 වසරේ ජන­වාරි 19 වැනි දින එම අගය වාර්තා වී තිබුණු අතර රුපි­යල් බිලි­යන 5.21ක ගනු­දෙනු පිරි­වැ­ටු­මක් ඊයේ දින වාර්තා වී ඇත.

DN

 

Leave A Comment