සුඛෝපභෝගී වාහන 200ක් හොරෙන් ලියාපදිංචි කරලා
- 5opn1
- December 6, 2024
- CNL සතියේ දේශපාලන විවරණය
- සුඛෝපභෝගී වාහන 200ක් හොරෙන් ලියාපදිංචි කරලා
- 0 Comments
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර තිබුණේ 2015 දී ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන දෙසීයක් 2005 වර්ෂයේදී ආනයනය කළ බවට ආනයනය ලියකියවිලි ඉදිරිපත් කර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.
මෙමගින් රජයට බදු ආදායම වශයෙන් රුපියල් බිලියන 3ක මුදලක් අහිමි වී ඇති බවද වාර්තා වෙනවා.
අල්ලස් සහ දූෂණ කොමිසමට ලැබුන ඔත්තුවක් අනුව මෙම විමර්ශන කටයුතු කර ඇත.
ලබාදුන් ඔත්තුව අනුව වාහන 400කට අධික ප්‍රමාණයක් මේ ආකාරයට ලියාපදිංචි කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සහය ලැබූ බවත් උක්ත වාර්තාව පෙන්වා දෙනවා.
පැරණි වාහන ලෙස සඟවා 2015 වර්ෂයෙන් පසුව මෙම වාහන මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කරලා.
ශ්‍රී මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේලංකා රේගු දෙපාර්තමේන්තුවේ මෙරටට ආනයනය කරන ලද සියලු වාහනවල විස්තර ඇතුළත්ව ඇති අතර රේගු ලියැකියවිලි ලියාපදිංචිය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වුවත් මෙම වංචාවේදී රේගු ලියකියවිලි නොමැතිව අදාළ වාහන ලියාපදිංචි කර ඇති බවයි හෙළිවන්නේ!
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කර ඒවා කිරීමෙන් අනතුරුව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කාලවකවානුවක් නීතියෙන් නියම කර නොමැති නිසා ආනයනකරුවන්ට සහ ගැනුම්කරුවන්ට විවෘත ලියකියවිලි තම සන්තකයේ තබාගෙන ඕනෑ කාලයක් සිටිය හැකියි.
වාහන ආනයනය ඉදිරියේ සිදුවීමට ඉඩ ඇති බැවින් ඉදිරියේදී ආනයනය කරන වාහනයක් මාස තුනක් ඇතුළතදී ලියාපදිංචි කළ යුතු බවට නීති පැනවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඉහත සඳහන් කල වංචනික ලෙස ලියාපදිංචි කර ඇති වාහන 200 න් 51 ක රේගු ලියකියවිලි අස්ථානගත වෙලා.
මෙම වාහන අතර නවීනතම ජීප් වර්ග , Land Cruzers , මොන්ටේරෝ සහ සුඛෝපභෝගී කැබ් රථ ඇතුළත් වී තිබෙනවා.
ජාතික විගණන කාර්යාංශය මගින් කරන ලද විගණනය අනුව බිලියන 3ක ප්‍රමාණයක රේගු බද්දක් ගෙවීම මගහැර ඇති බවයි වාර්තා වන්නේ !
මේ සම්බන්ධ නඩු පැවරීම කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ සිදුකර ඇති අතර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ඩී අල්විස් මහතා නියෝග කර ඇත්තේ මෙම වාහනවල අයිතිය කිසිම අයුරකින් වෙනත් පුද්ගලයන්ට පැවරීම නොකරන ලෙසයි.
මේ අතරතුර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්, පරිගණක සංවර්ධන නිලධාරියකු සහ තවත් ලිපිකරුවන් 4 දෙනෙකුට සිතාසි නිකුත් කරලා
වාහන ආනයනය කරන ලද තවත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට ද උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
මෙසේ වංචනික ලෙස ලියාපදිංචි කරන වාහන 20 ක් පමණ මෙම වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින් සන්තකයේ තිබලා.
මේ අතරතුර 2005න් පසුව මෙරටට ආනයනය කරන ලද සම්පූර්ණ මෝටර් රථ කොටස් එකලස් කර නැතිනම් බඩ්කර ලියාපදිංචි කරන ලද වාහන තවත් විශාල ප්‍රමාණයක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවටද කරුනු වාර්තා වනවා.
පැවති රජයන්හි දේශපාලන බලය යොදාගෙන මේ ආකාරයෙන් රට තුළට ආනයනය කර එකලස් කරන ලද වාහන නිසා විශාල බදු මුදල් ප්‍රමාණයක් රටට අහිමි වී ඇති බැවින් ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ සියල්ල පිළිබඳ පරීක්ෂණ පවත්වාවීය යන්න ජනතාවගේ අපේක්ෂාවයි.
CNL