වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 949 කට නඩු!
- 5opn1
- December 10, 2024
- දේශපාලන
- වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 949 කට නඩු!
- 0 Comments
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 949 දෙනකු සිය ප්රචාරක වියදම් හා ආදායම් වාර්තා නියමිත කාලසීමාව තුළ භාර දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එමෙන්ම තරග කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් 197ක් ද වියදම් වාර්තා භාර දී නොමැත.
තවද ජාතික ලැයිස්තුවට නම් ඉදිරිපත් කළ අපේක්ෂකයන් 9 දෙනා ද ආදායම් වියදම් වාර්තා භාරදී නොමැත.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මැතිවරණ වියදම් ආදායම් වාර්තා ලබාදීමට මැතිවරණ කොමිසම ඉකුත් 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා තරග කළ පක්ෂ හා අපේක්ෂකයන්ට කාලය ලබාදී තිබුණි. ඒ අනුව තරග කළ අපේක්ෂකයන් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ද පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690න් 493ක් ද ආදායම් වියදම් වාර්තා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර දී තිබේ.
අදාළ වියදම් ආදායම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් හා පක්ෂවලට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි දිනවලදී පොලිසියට උපදෙස් දෙන බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ පැවසීය.
රනිල් ධර්මසේන