වෙළෙඳ මාෆියාවට කඩේ යන නිලධාරින් ගැන තොරතුරු එයි

වෙළෙඳ මාෆියාව සමග හොර රහසේ ගනුදෙනු කරන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කීපදෙනකු පිළිබඳව නිල නොවන ආකාරයට තොරතුරු ලැබෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම නිලධාරින් කාලාන්තරයක් තිස්සේම මෙම ජාවාරමේ යෙදෙන බවට වාර්තා වෙන අතර ඒ පිළිබඳව ලිඛිතව පැමිණිලි කරන ලෙස තමා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද හේමන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ආනයනය කරන හාල් මෙරටට ගෙන්වීමෙන් පසු හාල් මාෆියාවේ සැලසුම් අක්‍රිය වෙන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

Leave A Comment