හිටපු කම්කරු ලේකම්ගේ ‘නෝටි’ වැඩක් එළියට

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා
විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා කර නොතිබූ බව ද අක්‍රමිකතා හෝ අවභාවිතා වීම් සිදුවී ඇති බව ද අනාවරණය වී ඇත.

විද්‍යුත් වාහන සඳහා තීරුබදු නිකුත් කිරීමේ බලය දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරි ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ ආනයන අපනයන පාලක වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. එහෙත් ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයා විසින් එම කටයුතු පවරාගෙන තිබුණි.

මේ නිසා හිටපු ලේකම්වරයා අධිකාරි බලය අවභාවිතා කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

Leave A Comment