පාසල් ලිපි ද්‍රව්‍ය ගන්න පරිපූරක ඇස්තමේන්තුවක්

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සහ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තු දෙකක් අනිද්දා (17 දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව අනතුරුව එදින පෙරවරු 10.30 සිට පස්වරු 02 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය ඊට පසුදින ද (18දා) පැවැත්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව අනිද්දා සහ 18 වැනි දා බදාදා පමණක් මේ සතියේදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

DVN

 

Leave A Comment