දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්
- 5opn1
- December 29, 2024
- දේශපාලන
- දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්
- 0 Comments
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව “අද දෙරණ” කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වෙයි.
අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් නොමැතිව දුම්රිය ධාවනය වීමටනම් අවම වශයෙන් දුම්රිය එංජින් 60ක ප්‍රමාණයක් අවශ්‍ය බව සඳහන්ය.
කෙසේවෙතත් මේ වනවිට ධාවන තත්ත්වයේ ඇති දුම්රිය එංජින් 50න් බෝහෝ ප්‍රමාණයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සාමාන්‍යයෙන් දුම්රිය එංජිමකට රැගෙන යා හැකි බර ප්‍රමාණයක් තිබුණ ද ප්‍රමාණය ඉක්මවා බර රැගෙන යාම ඊට හේතු වී තිබේ.
එමෙන්ම දුම්රිය එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස්වල හිඟයක් පසුගිය කාලය පුරාවට දක්නය ලැබුණි.
කෙසේවෙතත් මේ වනවිට එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන අමතර කොටස් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේ දී ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකි බව සඳහන්ය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එංජින්වලින් බෙහෝ ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ධාවනය කිරීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව තිබේ.