කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරයි
- 5opn1
- December 31, 2024
- ආයෝජන
- කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරයි
- 0 Comments
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම දර්ශක අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ ගියේය.
කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඉහළ ගියේ අඛණ්ඩව 24 වැනි දිනයට වීම විශේෂත්වයකි.
මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ සියයට 3.14 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 146.73 කින් ඉහළ ගිය අතර ඊයේ දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 4813.38 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ප්‍රධාන වශයෙන් ඊයේ දින කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යෑමට බැංකු සමාගම් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති අතර ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 10 සීමාව අභිබවා යෑමට ද සමත්වීම තවත් විශේෂත්වයකි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත