වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 1042කට නඩු
- 5opn1
- January 9, 2025
- දේශපාලන
- වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 949 කට නඩු!
- 0 Comments
පක්ෂ ලේකම්වරු-ස්වාධීන කණ්ඩායම් 197කුත් ඒ අතර
පැවති මහමැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනකුටත් පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් 197 දෙනකුටත් එරෙහිව පැවැත්වෙන විමර්ශන උද්ධෘතයන් ලබන 31 වැනිදාට ප්‍රථම නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ.
2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ, ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදායම් වියදම් සම්බන්ධයෙන් වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරියා වෙත භාර දීම සිදු කළ යුතුය.
නමුත් 2014 මහමැතිවරණයට අදාළව ආදායම් වියදම වාර්තා මෙතෙක් භාර නොදුන් අපේක්ෂකයන් 1042කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිසම මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.
එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබිණි.
ඒ අනුව මේ මස 31 වැනිදාට පෙර එකී විමර්ශන උද්ධෘත සකස් කර නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. එසේ නීතිපතිවරයාට උද්ධෘත යොමු කිරීමෙන් අනතුරුව එක් එක් අපේක්ෂකයන්ට 31 වැනිදායින් පසු නඩු පැවරෙණු ඇතැයි පොලීසිය කියයි.
dinamina