ඇමැති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි

රතු කැකුළු නොකන ජනතාවටත් රතු කැකුළු කිලෝ 20 බැගින් පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර බෙදාදීමට ගත් අමනෝඥ තීරණය හේතුවෙන් රතු කැකුළු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණීජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය. රතුසහල් හිඟය සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය ගැන මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමැතිවරයා ඒ බව ඊයේ (14) සඳහන් කළේය.

ඇමැති වසන්ත සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහාන් වෙයි. එම රතු සහල් නොකන අය සහල් සතුන්ට දැම්මා. රතු සහල් හිගය මවපු අයම ඒ ගැන පුරෝකතනයක් හෝ නොකිරිම පුදුම සහගතයි. තෛපොංගල් බත උයා ගන්න නොහැකි වී තිබෙන් එම ආණ්ඩුව කළ අමනෝඥ කටයුත්ත හේතුවෙන්.

ඉන්දයාවෙන් රතු සහල් මෙට්‍රික් ටොන් 7500ක් ගෙන ඒමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.ඉන්දියාවේත් රතු කැකුළු හිඟයක් මතුව තිබෙනවා. රතු සහල් හිඟයක් ඇති බව සමාජය තුළ කතා බහක් ඇති වී තිබෙනවා. තෛපොංගල් බතට රතු සහල් අවශයයි. සහල් හිඟය පිළිබඳව විවිධ දුරකතන ඇමතුම් ලැබෙනවා. සහල් තිබෙනවා. ඒත් රතු සහල් රුපියල් 280යි 300 බව ජනතාව කියනවා. මෙහෙම වෙන්නේ ඇයි කියල කාරණය ගැන කරුණු කිව යුතුයි. රතු සහල් වගා කරන්නේ මාතර, ගාල්ල ,හම්බන්තොට සහ නැඟෙනහිර පළාතේ. මේ මෝල් ගබඩාවලත් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව බැලුවම අපිට පෙනෙනවා 2024 වසරේ හෙක්ටයාර් දෙලක්ෂ හැත්තෑ හත් දහස් තුන්සිය පහළොවක් රතු වී වගා කර තිබෙන බව. යල සහ මහ කන්න දෙකම වී වගා කර තිබෙනවා. වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබී තිබෙනවා. අපි මේ ඉන්නේ මහ කන්නයේ අස්වැන්න එන කාලේ. මහකන්නයේ අස්වැන්න හෙක්ටයාර් එක්ලක්ස හැත්තෑ හය දහසක වී වගා කර තිබෙනවා. යල කන්නයේ අස්වැන්න ලැබී තිබෙන්නේ . යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රක් ටොන් හාර ලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්. අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. හෙක්ටයාර් එක් ලක්ෂ හැට එක් දහස් හැට හතක් වී වගා කර තිබෙනවා. අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් හය ලක්ෂ හතලිස් අට දහස් දෙසිය දාහතක්. 2025 මහ කන්නයේ වී අස්වැන්නෙන් පසුව 2025 රතු සහල් හිගයක් ඇති වෙන්න හැකියාවක් නැහැ. 2024 ආණ්ඩු කරපු අමනොඥ වැඩ නිසයි අද තෛපොංගල් බත උයා ගන්න නොහැකි වී තිබෙන්නේ. රතු සහල් ලබා දීමට අපි ගත හැකි ක්‍රියාමාර්ග ගත්තා. ඉන්දියාව සමඟ කතා කර අවශ්‍ය තොග ගෙන්වා ගැනීමට රාජ්‍ය වානිජ නිතිගත සංස්ථාව හරහා කටයුතු කළා. රතු සහල් මෙට්‍රික් ටොන් 7500ක් ලබා ගැනීමට අපි ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඉන්දියාවේ යම් ප්‍රදේශවල විතරයි රතු සහල් වගා කර තිබෙන්නේ. ඔවුන්ටත් සීමිත ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. සැපයුම්කරුවන් සොයා ගැනීමට තානාපති කාර්යාල අපිට උදව් කර තිබෙනවා. රතු සහල් ඉන්දියාවෙත් මිල වැඩියි. රටේ රතු සහල්වල හිගයක් ඇති වුණා. මේ හිගය මතු කළ මිනිස්සු අද රතු සහල් ගැන කතා කරනවා. රතු සහල් හිඟය ගැන පුරෝකතනයක් හෝ තිබුණා නම් මේ වැඩේ නොකර ඉනක්න තිබුණා. පසුගිය ජනාධිපතිවරණයට පෙර රතු සහල් කිලෝ 20 බැගින් ලැබුණා. සියයට 20ක් පමණයි රතු සහල් කන්නේ. 2024 අවසානයේ රතු සහල් හිගයක් ඇති වුණේ ඇයි. 2024 යල කන්නයේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 4යි. මේ රටේ අසුවැන්න ගැන සලකා රතු සහල් බෙදන තීරණය ගැන ආණ්ඩුවට කල්පනා කරන්න තිබුණා . රතු හාල් කන්නේ නැති අයටත් සහල් බෙදුවාම සහල් හිඟයක් ඇති වෙනවා.හිටපු කෘෂිකර්ම ඇමැතිවරු ජනාධපතිවරණයට පෙර රතු සහල් අරගෙන සුදු බත් කන අයටත් රතු සහල් දුන්නා. රතු සහල් හිගය ඒ අය හැදෙව්වා. රතු සහ සුදු සහල් අතර ලොකු මිල ඉහළ යාමක් තිබුණේ නැහැ. රුපියල් 5ක 10ක පරතරයක් තමයි තිබුණේ. මේ මිල ඉහළ ගියේ ආණ්ඩුව කළ මෝඩ වැඩේ නිසා. මේ මහ කන්නයේ රතු වී අස්වැන්න අපි කටයුතු කරනවා. හාල් කිලෝ 20 ගානේ බෙදන්න විශාල මුදලක් වියදම් කළා. ලෝකයේ රතු හාල් ගෙන්වන්න ළඟම රට ඉන්දියාව. එහෙත් හාල් අඩුයි. ආණ්ඩු කරපු අය ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇගිල්ල දිගු කරන්නේ ප්‍රමාණවත් වී තොග මිලට නොගෙන, ගබඩා පහසුකම් සකස් නොකරයි.

සුභාෂිණී සේනානායක

Leave A Comment