පළාත් පාලන සල්ලි හංගයි
- 5opn1
- January 19, 2025
- දේශපාලන
- පළාත් පාලන සල්ලි හංගයි
- 0 Comments
කෝටි 2600ක් බැංකුවල මහා නගර සභා
කෝටි 1247යි නගර සභා
කෝටි 271ක් ප්‍රාදේශීය සභා
කෝටි 1153යි
පළාත් පාලන ආයතනවලට පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත් පිළිබඳ කටයුතු සහ ජනතා සුබසාධන වැනි සේවාවන් නිසි පරිදි ඉටුනොකර රුපියල් මිලියන 26,726ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත.
පළාත් පාලන ආයතන බොහොමයක අයවැය හා පරිපූරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙළ නොකිරීම නිසා ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. එම මුදල් ආදායම් ඉපයීමේ අරමුණ ඇතිව ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව මෙරට මහා නගර සභාව විසින් රුපියල් මිලියන 12,479ක මුදලක් ආයෝජනය කර තිබුණි. නගර සභා විසින් රුපියල් මිලියන 2,716 ක මුදලක් හා ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11531ක මුදලක් ආයෝජනය කර ඇත.
මහජන සුබසාධනයන් නිසි පරිදි ඉටුනොකර පළාත් පාලන ආයතනවල ඇති අරමුදල් ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බව විගණනය මගින් ද සඳහන් කර තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබුණි.
ලලිත් චාමින්ද