මිලි­යන 70ක ක්‍රිෂ් ගණුදෙනුව නාමල්ට එරෙ­හිව අල්ලස් කොමි­සමෙන් පරීක්ෂණ­යක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපි­යල් මිලි­යන 70ක මුදල් අක්‍ර­මි­ක­තාව සම්බ­න්ධ­යෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලි­මේන්තු මන්ත්‍රී, නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් වෙනම විම­ර්ශ­න­යක් පව­ත්වන බව අල්ලස් කොමි­සම කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණ­විය හමුවේ ඊයේ (22) දැනුම් දුන්නේය.

අධි­ක­රණ නියෝ­ග­යක් ප්‍රකා­රව මෙම විම­ර්ශන ආරම්භ කළ බව කොමි­සමේ නිල­ධා­රි­යෙක් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සිදු කරන විම­ර්ශ­න­යට අදා­ළව පවරා ඇති නඩුව කැඳවූ අව­ස්ථා­වේදී අල්ලස් කොමි­සම මේ බව කියා සිටි­යේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පවරා ඇති නඩුව නීති­පති උප­දෙස් සඳහා ලබන ජූනි මස 04 යළි කැඳ­වන ලෙස මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. නීති­පති උප­දෙස් ඉන් පෙර ලැබු­ණ­හොත් විත්ති­යට නොතිසි නිකුත් කරන ලෙස ද මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­ස­යට මහේ­ස්ත්‍රා­ත්ව­රිය දැනුම් දුන්නාය.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබූ අතර ඇප මත මුදා හැර සිටින පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා නඩුව කැඳවූ අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය. වෙළෙඳ ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් ලෙසින් සිටි­යදී ඉදි­රි­පත් කළ පැමි­ණි­ල්ලක් අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විම­ර්ශන සිදු කරයි.

රුපි­යල් මිලි­යන 70ක පමණ මූල්‍ය අක්‍ර­මි­ක­තා­ව­යක් සිදුව ඇති බවට ඒ සම්බ­න්ධ­යෙන් වසන්ත සම­ර­සිංහ මහතා පොලි­ස්ප­ති­ව­ර­යාට පැමි­ණිලි කරනු ලැබුවේ දූෂණ විරෝධී හඬ සංවි­ධා­නය ලෙස පෙළගැසෙ­මිනි.

Leave A Comment