
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි
- CNL Reporter
- February 12, 2025
- දේශපාලන
- wijitha-hearth
- 0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.
බිම්ස්ටෙක්හි ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලබන උප අංශ ද වන සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
2025 අප්‍රේල් 02 සිට 04 දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව පිළිබඳව ද පාණ්ඩේ මහතා අමාත්‍ය හේරත් මහතා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ සහයෝගය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේයෙ
මීට අමතරව, කොළඹ ස්ථාපිත කිරීමට නියමිත බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකමෙහි ප්‍රගතිය දෙපාර්ශවය විසින් සමාලෝචනය කරන ලදී. බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා මෙම අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පාණ්ඩේ මහතා අවධාරණය කළේය. අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ බිම්ස්ටෙක්හි වැඩසටහන්, ව්‍යාපෘති සහ වැඩපිළිවෙල් පිළිබඳව නව රජය දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් වැඩකරන බවයි.