
පාප් වහන්සේ රෝහල් ගත කරති
- CNL Reporter
- February 15, 2025
- පුවත්
- පාප් වහන්සේ රෝහල් ගත කරති
- 0 Comments
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කරයි.2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි.පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳින ලදි.උන්වහන්සේ තරුණ අවදියේදී එක් පෙනහලුවක කොටසක් ඉවත් කිරීමද සිදුව ඇති අතර ඔහු පෙනහලු ආසාදනවලටද ගොදුරුව තිබුණි.
divaina