
ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා
- CNL Reporter
- February 17, 2025
- දේශපාලන
- ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා
- 0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.
ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.
එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එම සටහනින් වැඩිදුරටත් සඳහන් කර තිබෙයි.
dinamina