උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න
- CNL Reporter
- February 20, 2025
- පුවත්
- උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න
- 0 Comments
ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක්
පාතාලයේ ගෝඩ් ෆාදර් ධම්මික අමරසිංහ 2004දි මැරුවෙත් මේ විදියටමයි
පාතාල අපරාධකරුවන් හිටිහැටියේ අලුගසා දමා නැඟිටින්නේ වත්මන් රජය මානව හිමිකම්වලට ගරු කරමින් නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට දැඩි වෙහෙසක නිරතව සිටියදීය.
පාතාල අපරාධකරුවන් කලින් වගේ පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යන්නේ නැති සහ ආයුධ පෙන්වන්න ගොස් වෙඩි නොකන කාලයක පාතාලය අමුතු විදිහකට නැඟිටිමින් එහි උච්චතම අවස්ථාවක් පිළිබිඹු කරන්නේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (19) සිදුවූ වෙඩි තැබීමයි. නීතිඥ වෙසින් උසාවි සංකීර්ණයට ඇතුළු වී වෙඩික්කරු අධිකරණ ශාලාවේදී ඉලක්ක කරනු ලබන්නේ පාතාලයේ කුප්‍රකට අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරු වෙක් වන මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ලේ සංජීවයි.
උසාවි සංකීර්ණය ඉදිරිපිට පාතාලයේ ගැටුම් බොහොමයක් සිදුවුවත් අධිකරණ ශාලාවක් තුළදී මෙවැනි පාතාල ගැටුම් ඇතිවීම් දුලභය. ඉතිහාසය පිරික්සීමේදී අධිකරණයක් ආශ්‍රිතව සිදුවූ දරුණුතම පාතාලයේ ගැටුම වාර්තා වන්නේ 2000 වසරේදීය. ඒ ගංගොඩවිල අධිකරණ සංකීර්ණයේ සිරමැදිරිය තුළ දුරස්ථ පාලක බෝම්බයක් අටවා පුපුරුවා හැරීමය. මහේස්ත්‍රාත්වරයා නඩු අසමින් සිටියදී පාතාලයේ අපරාධකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන පුපුරවා හැරි එම බෝම්බයට පාතාලයේ 08 දෙනෙකු ඉලක්ක කරගෙන බෝම්බය අටවා තිබුණි. එකී පාතාල ගැටුමට මුල දෙල්කඳ හන්දියේදී මෝටර් රථයක් තුළ පාමංකඩ අශෝක නමැති පාතාලයේ ප්‍රබලයා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරීමට පළිගැනීමකි. එම බෝම්බය එදා උසාවියේ සිරමැදිරියේ ඇටවූයේ යුද හමුදාවේ සිටි කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළෙකි. එම සෙබළා අත්අඩංගුවට ගන්නේ එකල කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි අද වන විට කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාය.
ගංගොඩවිල උසාවියේ බෝම්බ පිපුරුමෙන් පසු නැවතත් මෙරට අධිකරණය ආශ්‍රිතව සිදුවූ දරුණුතම පාතාලයේ ප්‍රහාරය එල්ල වන්නේ 2004 වසරේ ජනවාරි 9 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. ඒ එකල පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුණු ධම්මික අමරසිංහ නමැති පාතාලයේ ප්‍රබලයාට අධිකරණයේ විත්ති කූඩුවේදීම වෙඩි තබා මරා දැමීමය. නීතිඥ වෙසින් අධිකරණ ශාලාවට පැමිණ සිටි වෙඩික්කරු එදා ධම්මික අමරසිංහ ඉලක්ක කර වෙඩි තබන්නේ විනිසුරුවරයා නඩු අසමින් සිටියදීය. ඒ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකිනි. වෙඩික්කරු එදා ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගත් අතර චමින්ද නමැති ඔහු ඒ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සිටින්නේ සිරදඬුවම් ලබවෙක් වන මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ලේ සංජීවයි.

ගංගොඩවිල උසාවියේ බෝම්බ පිපුරුමෙන් පසු නැවතත් මෙරට අධිකරණය ආශ්‍රිතව සිදුවූ දරුණුතම පාතාලයේ ප්‍රහාරය එල්ල වන්නේ 2004 වසරේ ජනවාරි 9 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. ඒ එකල පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුණු ධම්මික අමරසිංහ නමැති පාතාලයේ ප්‍රබලයාට අධිකරණයේ විත්ති කූඩුවේදීම වෙඩි තබා මරා දැමීමය. නීතිඥ වෙසින් අධිකරණ ශාලාවට පැමිණ සිටි වෙඩික්කරු එදා ධම්මික අමරසිංහ ඉලක්ක කර වෙඩි තබන්නේ විනිසුරුවරයා නඩු අසමින් සිටියදීය. ඒ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකිනි. වෙඩික්කරු එදා ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගත් අතර චමින්ද නමැති ඔහු ඒ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සිටින්නේ සිරදඬුවම් ලබමිනි. මේ ඝාතනය පිටුපස සිටියේ ධම්මික අමරසිංහගේ මරණින් පසු පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත් වූ ප්‍රින්ස් කොලම්ය.
මේ ආකාරයටම තවත් පාතාලයේ අපරාධකරුවෙක් වූ ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීමට ගොනාකෝවිලේ අංජු නොහොත් කුඩු අංජු උත්සාහ කළේය. ඒ ගොනාකෝවිලේ රොහා අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට රැගෙන එන දිනයක දී තමාට හිතවත් පිරිසකගෙන් අධිකරණ ශාලාව පුරවා ඒ අතර වෙඩික්කරුවන් දෙදෙනෙක් යොදවා රොහාට වෙඩි තබා මැරීමටය. ඒ වෙනුවෙන් රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද අධිකරණ ශාලාවට එදා රැගෙනවිත් තිබුණි. රොහාව මරා දැමීමට සැලසුම් කරන්නේ විනිසුරුවරයා නඩුව අසන විටදීය. ඒ රොහා විත්තිකූඩුවේ රැඳී සිටින විටදීය. එහෙත් එදා ඒ පාතාලයේ සැලසුම ව්‍යර්ථ වන්නේ ගිනි අවි දෙක රොහා උසාවියට රැගෙන ඒමට පෙර හසුවීම නිසාවෙනි.
නැවතත් අධිකරණ ශාලාවක විනිසුරුවරයා නඩුවක් අසමින් සිටියදී වෙඩි පත්තු වන්නේ 2002 වසරේ අගෝස්තු 4 වැනිදාය. ඒ ගල්කිස්ස උසාවියේදීය. හරක්කටා ඩුබායි සිට කළ සැලසුමකට අනුව වෙඩි තබා මරා දැමීමට සැලසුම් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවෙකි. එම වෙඩිල්ල පත්තු වුවත් එය වදින්නේ අහකටය. ඒ නිසා උසාවි භූමියේ සිදුවන්නට ගිය තවත් ඝාතනයක් ව්‍යර්ථ වී ගියේය. මේ සිදුවීම් කිහිපය හැරුණුවිට පසුගිය කාලයේ පාතාල අපරාධකරුවන් සිය ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන් අධිකරණයට පැමිණෙන අවස්ථාවලදී ඝාතනය කිරීමට ගත් උත්සාහයන් බොහෝය. කුප්‍රකට පාතාලයේ අපරාධකරුවන්ට බන්ධනාගාරයේ සිට අධිකරණ වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව පවා ලබා දීමට ආරක්ෂක බලධාරීන් පියවර ගත්තේ ඒ නිසාමය. පාතාලයේ අපරාධකරුවන් රැසක් අද ජීවතුන් අතර සිටින්නේ එබැවිනි. මාකිලංගමුවේ සංජීව නොහොත් ගනේමුල්ල සංජීව ද බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිසියේ ආරක්ෂාව ලබාදුන්නේ කලක සිටය. ඒ ඔහුටද ප්‍රතිවිරුද්ධ පාතාල අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල වෙමින් පැවති බව බුද්ධි වාර්තා තිබුණු හෙයිනි.
පාතාලයේ අපරාධකරුවන්ට එසේ ආරක්ෂාවක් සැපයුවත් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ගොඩනැඟෙන්නේ පසුගිය 7 වැනිදාය. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ වෙඩි පත්තුවන්නේ අධිකරණ ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග එහිදී නිර්දේශ වී සති දෙකක් ගතවන්නටත් මත්තෙනි.
පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්න සිහින මවමින් සිටි මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ලේ සංජීවට ද වෙඩි තබන්නේ වසර 20කට පමණ පෙර ධම්මික අමරසිංහට වෙඩි තැබූ ආකාරයටමය. වෙඩික්කරු එහි එන්නේ නීතිඥ වෙසිනි. ධම්මිකට වෙඩි තබන්නේ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වුවත් මාකිලංගමුවේ සංජීවට වෙඩි තබන්නේ 0.38 වර්ගයේ රිවෝල්වරයකිනි. ගිනි අවිය උසාවිය ඇතුළට ගෙන එන්නේ මේ අවස්ථා දෙකෙහිදීම පොතක් අස්සේ සඟවාගෙනය. ඒ ගිනි අවියේ හැඩයට පොතේ මැද කොටස කපා ඒ තුළ බහාගෙනය.
ධම්මික අමරසිංහට වෙඩි තැබූ වෙඩික්කරු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට පොලිසිය එදා සමත්වුවත් මාකිලංගමුවේ සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. පොලීසිය සමත් වන්නේ කළු කෝට් එකක් දැමූ වෙඩික්කරු ආරක්ෂක කැමරා මඟින් හඳුනා ගැනීමට පමණි.
විසි වසරකට පෙර ධම්මික අමරසිංහට වෙඩි තබා මරා දමන්නේ දේශපාලන හා පාතාලයේ ලොකු සැලසුමකට අනුවය. අද රටේත් නැති දැවැන්ත දේශපාලන සම්බන්ධකම් ඇති පාතාලයේ ප්‍රබලයෙක්ද ඒ පිටුපස සිටියේය. රටේ ප්‍රබල දේශපාලනඥයෙක් පවා එංගලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවකදී තවත් ප්‍රබල දේශපාලනඥයෙක් සමඟ ගොස් එකී පාතාලයේ අපරාධකරු හමුවී තිබුණේ එංගලන්තයේ ඇති ඔහුට අයත් හෝටලයකදීය. ඒ තරමට ඔහු දේශපාලනික වශයෙන් ශක්තිමත්ය. ධම්මික අමරසිංහ මරා දැමීමට වෙඩික්කරු පුහුණු කරන්නේද මාලිගාවත්ත පැත්තේ පාළු ස්ථානයක උසාවියක් නිර්මාණය කරමිනි. මාකිලංගමුවේ සංජීවට වෙඩි තැබූ වෙඩික්කරුට එවැනි පුහුණුවක් ලැබුණේදැයි මෙතෙක් පැහැදිලි නැත. ඒ තවමත් මේ වෙඩි තැබීම ගැන විමර්ශන ඇත්තේ මූලික අදියරේ වන බැවිනි. එදා ධම්මික අමරසිංහ ඝාතන සැලසුම මෙරට දී ක්‍රියාත්මක වුවත් බුද්ධි අංශවලට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් මාකිලංගමුවේ සංජීවගේ ඝාතන සැලසුම ක්‍රියාත්මකව ඇත්තේ රටින් පිටය. ඒ ඩුබායි, ඉන්දියාව සහ තවත් යුරෝපීය රටක රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසකගේ සැලසුමකට අනුවය. ඒ බව තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. ඉදිරියේදී එහි ඇත්ත නැත්ත පොලීසිය විසින්ම නිල වශයෙන් කියනු ඇත.
මාකිංලගමුවේ සංජීව සමඟ පාතාලයේ ගැටුම් බොහොමයක් පැවතියේ ඩුබායිහි රැඳී සිටින කෙහෙල්බද්දර පද්මේය. ගම්පහ පස් මාෆියාවේ කිරුළ පැලඳි පස් පොඩ්ඩා ගම්පහ අධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිට ගමන් කරමින් සිටියදී 2022 වසරේදී අධිකරණය ආසන්නයේදී වෙඩි තබා මරා දමන්නේ කෙහෙල්බද්දර පද්මේ ඩුබායි සිට කළ සැලසුමකට අනුවය. එම වෙඩි තැබීමෙන් පස් පොඩ්ඩා සමඟ සිවු දෙනෙක් මිය ගියහ.
පස් පොඩ්ඩාට වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ පස් මාෆියාවේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසය. කෙහෙල්බද්දර පද්මේ ඩුබායි පනින්නේ ජීවිතාරක්ෂාවටය. පස් පොඩ්ඩාගේ හයිය මාකිලංගමුවේ සංජීවයි. පද්මේගේ පියාගේ ඝාතනය පිටුපස සිටියේ ද මාකිලංගමුවේ සංජීවයි. එකල ඔහු රැඳී සිටියේ ඉන්දියාවේය. පස් පොඩ්ඩාගේ ඝාතනයෙන් කැළඹුණු ඔහු පද්මේගේ ගෝලබාලයන්ට පන්න පන්නා වෙඩි තැබුවේය. ඒ සිය ගෝලබාලයින් යොදාගෙනය. මේ නිසා පද්මේ සිටියේ මාකිලංගමුව සංජීව සමඟ වෛරයකිනි. බටුවත්තේ චාමර නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුට ද මාකිලංගමුවේ සංජීවගෙන් දිගින් දිගටම පැවතියේ අරියාදුය. මෑතකදී ජා-ඇළ වැලිගම්පිටියේ පිහිටි බටුවත්තේ චාමරගේ නිවෙසට පසුගිය දෙසැම්බර් මාසයේදී අවස්ථා දෙකක දී එල්ල වූ වෙඩි ප්‍රහාර පිටුපස සිටියේ යැයි කියැවෙන්නේද මාකිලංගමුවේ සංජීවගේ පාතාලයේ පුරුක්ය. මේ නිසා රටින් පිට සිටියත් බටුවත්තේ චාමර ද සිටියේ මාකිලංගමුවේ සංජීව සමඟ වෛරයකිනි.
මත්කුඩු ජාවාරමේ සැඟවුණු චරිතයක් වන ජූඩ් සමඟද මාකිලංගමුවේ සංජීවට ගැටුම් තිබී ඇත. ඒ මත්කුඩු ජාවාරම මුල්කරගෙනය. එසේම ඉන්දියාවේ රැඳී සිටින බව කියැවෙන කෙසෙල්වත්තේ ධනුක සමඟද මාකිලංගමුවේ සංජීව හිත් අමනාපය. මාකිලංගමුවේ සංජීව සමඟ ගැටුම් ඇති මේ හැමෝම දැන් ඉන්නේ එකම කණ්ඩායමක් ලෙසිනි. මේ අය මාකිලංගමුවේ සංජීවගේ මරණයේ සතුට පළ කර ඇතැයි පැවසෙන්නේ සාද පවත්වමිනි.
ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම කුලී ඝාතකයෙක් ද වන සංජීව කුමාර සමරරත්න නොහොත් මාකිලංගමුවේ සංජීව එසේත් නැතිනම් ගණේමුල්ලේ සංජීව නමැති පාතාල අපරාධකරු කාලයක්ම රැඳී සිටියේ රටින් පලා ගොස් ඉන්දියාවේය. ඔහුගේ පාතාල වැඩ බොහොමයක් සිදුවූයේ ඉන්දියාවේ සිටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන්ගෙන්ද ඔහු වැඩ ගත්තේය. කුලී ඝාතකයන් ලෙස ඔහු යොදාගත්තේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන්ය. යුද්ධය නිමාවීමෙන් පසු උතුරේ තැන තැන වළ දමා තිබුණු එල්.ටී.ටී.ඊ.යේ ගිනි අවි මාකිලංගමුවේ සංජීවගේ කල්ලිය අතට ද ආවේය. මෙතෙක් පාතාල අපරාධකරුවකුගෙන් සොයාගෙන ඇති වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයාගෙන ඇත්තේද මාකිලංගමුවේ සංජීවගෙන් සහ ඔහුගේ කල්ලිය සතුව තිබියදීය. එම ප්‍රමාණය සියයකට වැඩිය.
රටින් පලා ගොස් සිටි මාකිලංගමුවේ සංජීව මෙරටදී අත්අඩංගුවට ගන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී 2023 වසරේ සැප්තැම්බර් 13 වැනිදාය. ඒ ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණෙමින් සිටියදීය.
මාකිලංගමුවේ සංජීව රටින් පනින්නේ මන්නාරමෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවටය. ඒ ඊට වසර එකහාමාරකට පෙරය. ඒ පැනගත් ඔහු කෙළින්ම යන්නේ ඉන්දියාවේ නේපාල සීමාවටය. මෙරටින් ඉන්දියාවට පනින පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් ආරක්ෂිතව නවාතැන් ගන්න තෝරාගන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරය. පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් චෙන්නායි කේන්ද්‍ර කර ගනිමින් රැඳී සිටියත් මාකිලංගමුවේ සංජීව සිය ආරක්ෂක නවාතැන්පොළ බවට නේපාල දේශ සීමාවට අයත් ප්‍රදේශයක් තෝරා ගන්නේ මෙරටින් පැන තමිල්නාඩුවේ රැඳී සිටින පාතාල අපරාධකරුවන් කොටු කර ගැනීමට තමිල්නාඩු පොලීසිය විසින් ඒ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ බැවිනි.
මාකිලංගමුවේ සංජීව රටින් පනින්නේ ද නීතිඥවරු පිරිසකගේ රැකවරණයක් ලබමිනි. මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නකටම චෝදනා ලැබ කාලයක් තිස්සේම රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සංජීව උසාවියෙන් එළියට එන්නේ අධිකරණ පරිශ්‍රය තුළදීම නීතිඥවරයකුගේ ජීප් රථයකට ගොඩවෙමිනි. එම රථය මැදිකොට නීතිඥවරු පිරිසක්ම මෝටර් රථ හා ජීප් රථ හතර පහකින්ම ආවේ සංජීවගේ ආරක්ෂාවටය. එසේ නීතිඥ ආරක්ෂාවක් සහිතව සංජීව රැගෙන යන්නේ ගණේමුල්ල මාකිලංගමුවේ පිහිටි ඔහුගේ නිවෙසටය. අනතුරුව ඔහු එම නිවෙසින්ද අතුරුදන් වන්නේ නීතිඥවරු එම නිවෙසින් පිටව යෑමත් සමඟිනි. එසේ අතුරුදන් වූ ඔහු නැවත මතු වන්නේ ඉන්දියාවෙනි.
ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සංජීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන විමර්ශන පවත්වනු ලැබුවේ වීරඟුල පොලිස් ස්ථානයේය. පොලීසිය ඇතුළේ සිටියදී ඔහුට පාතාලයේ ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි වූ බුද්ධි තොරතුරු හේතුවෙන් පොලීසිය වටේටම විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මෙන්ම ආරක්ෂක කැමරා ද සවිකර තිබුණේය. ඒ කාලයේ ඔහු තමන්ට රැකවරණය දුන් දේශපාලනඥයන් බොහෝ දෙනෙක් ගැන තොරතුරු වැමෑරුවේය. ඒ දේවල් එළියට එන විට සංජීවගේ දුක සැප බලන්න නීතිඥවරු වැල නොකැඩී පෝලිමට ඇවිත් තිබුණේ රැයක් දවාලක් නැතිවය. ඒ කන්න බොන්න පවා දෑතින් බඩු මලු එල්ලාගෙනය. ඒ ඇවිත් ඔවුන් පෙනී සිටින්නේ සංජීවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙනි.
සංජීවගේ මානව හිමිකම් සොයා බලන්න එදා ඒ පැමිණි කිසිම නීතිඥයෙක් සංජීවගේ වෙඩි උණ්ඩයට බිලි වූ ජීවිත ගැන කිසිදිනක අනේ අපොයි කීවේ නැත. සංජීව නිසා ජීවිත හානි වූ විසි තිස් ගණනකගේ මානව හිමිකම් ගැන සොයා බැලුවේ නැත.
වීරඟුල පොලිස් ස්ථානයේ රඳවා සිටි මාකිලංගමුවේ සංජීව සම්බන්ධයෙන් වූ ප්‍රධාන විමර්ශකයා ලෙස එදා කටයුතු කරන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයයි. සංජීවගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතන රැසක තොරතුරු පමණක් නොව, ඒවාට යොදාගත් ගිනි අවි පවා සොයාගත්තේය. ටී 56, රිවෝල්වර, පිස්තෝල වැනි අවි ආයුධ රැසක් සොයාගන්නේ සංජීවගේ කටින් හෙළිවූ තොරතුරු මතය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් සමඟ සංජීවට සම්බන්ධකම් ගොඩනැඟෙන්නේ බන්ධනාගාරයේදීය. සංජීව විසින් එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් පවා හොඳටම වැඩ ගත්තේය. කොස්ගොඩ සුජීගෙන් සහ මාකඳුරේ මධුෂ්ගෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් හොඳටම වැඩ ගත්තේ මාකිලංගමුවේ සංජීවය.
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු සමඟ කළ උත්සාහයක් ගැන ද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළි කර ගත්තේය. එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන් ද සමඟ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙයුමකට අනුව කොටුකර ගන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ජීවිතය ද ආරක්ෂා කර ගනිමිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක් ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයා ගත්තේය. උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකිලංගමුවේ සංජීවගේ අතට පත්වන බව තහවුරු වන්නේ එහිදීය. ඒ වන විට සංජීව සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ 2015 වසරේ සිටය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාලයේ ප්‍රබලයා ඝාතනය කිරීමේ අරමුණින් 2015 වසරේදී දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ ඇති ඉංගම් හන්දියේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් රැසකගේ මෙහෙයවීමෙනි. එකල අධිකරණයේ විභාග වෙමින් පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට ඉදිරිපත් කර දෙමටගොඩ චමින්ද නැවත බන්ධනාගාරයට රැගෙන එමින් තිබියදී එම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලැබුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ය. බන්ධනාගාර බස් රථයට වෙඩි තබා දෙමටගොඩ චමින්ද ඝාතන සැලසුමට ගෑවුණු හැම අපරාධකරුවෙක්ම පාහේ එදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. මාකිලංගමුවේ සංජීව පවා සිටියේ ඒ අය අතරය.
ඒ වන විට මාකිලංගමුවේ සංජීව සිටියේ පාතාලයේ චරිතයක් බවට පත්වය. ඒ තැනට ඔහු පත්වන්නේ ටිකෙන් ටිකය. සංජීවගේ ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ ඔහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්වවිද්‍යාල වරම් ලබන්න පවා සුදුසුකම් ලැබූවෙක් බවය. ඔහුගේ පියා වතුපිටිවල රෝහලේ හිටපු දුරකතන ක්‍රියාකරුවෙකි. සමුපකාර පරීක්ෂකවරයෙක් ලෙස ගම්පහ පැත්තේ සමුපකාරයක ද සේවයේ නිරතව සිට ඇති සංජීව යුද හමුදා කමාන්ඩෝ බළකායේ සෙබළෙක් ලෙසද සේවය කර ඇත්තේය. ඒ යුද්ධය දරුණුවටම පැවති වකවානුවේදීය. ඔහු යුද හමුදා කමාන්ඩෝ බළකායට එක්වන්නේ රට ජාතිය ගැන ඇති වුණු කැක්කුමකිනි. එහෙත් ඔහු වැඩි කාලයක් හමුදා සේවයේ නිරතව සිටියේ නැත. ඉන් ඉවත්ව නයිවල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙක් ලෙස සේවයේ නිරතව සිටියේය. කායවර්ධන ශිල්පියෙක් මෙන්ම කරාතේ ශූරයෙක් වූ බැවින්ම සංජීවට එම රැකියාව හොඳින්ම ගැළපුණේය.
සංජීව අපරාධකරුවෙක් ලෙස භෞතිස්ම ලබන්නේ ඔහු සේවයේ නිරතව සිටි කායවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ නතර කර තිබුණු කළගෙඩිහේනේ පිහිටි ආයතනයකට අයත් බේකරි ආහාර බෙදා හරින ලොරියකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟය. ඔහු සමඟ කායවර්ධන මධ්‍යස්ථානයට නිතර එන යන සංජීවගේ මිතුරකුවද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි. වේයන්ගොඩ චාමර නමින් පසුකාලයේ නමගිය මැරයෙක් බවට පත්වන්නේ ඔහුය. 2004 වසරේ සිදුවුණු එම කොල්ලයට බන්ධනාගාරගත වන සංජීව වැඩි කාලයක් හිරේ විලංගුවේ වැටී සිටියේ නැත. ඇප මත නිදහස ලැබීමෙන් පසු නැවතත් සුපුරුදු කායවර්ධන උපදේශක රැකියාවට පිවිසෙන්නේ ගණේමුල්ල පැත්තේ කායවර්ධන මධ්‍යස්ථානයකිනි. බටුවත්තේ එකල නමගිය පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් ඔහු දැන හඳුනා ගන්නේ එහිදීය. ඒ අය අතර බටුවත්තේ චූලා ද සිටියේය.
ඒ වන විට බටුවත්තේ චූලා ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින්නේ විදෙස් බැංකුවක මෙරට ශාඛාවක මුදල් ප්‍රවාහනය කරන සේප්පු ලොරියක් කොල්ලකෑමටය. ඊට සම්බන්ධ වන්නට සංජීවටද ආරාධනාවක් ලැබෙන්නේ බටුවත්තේ චූලාගෙනි. අතේ සතේ නැතිව සිටි සංජීව ඊට කැමැත්ත පළ කරන්නේ එක පයින්ය. ඔහුත් සමඟ නයිවල කොල්ලයට බන්ධනාගාරගත වූ වේයන්ගොඩ චාමරද ඊට සම්බන්ධ කර ගත්තේය. කොල්ලය සිදුවන්නේ 2009 වසරේදීය. එකල සිදුවුණු විශාලතම මුදල් කොල්ලය වූයේ එයයි. රුපියල් කෝටි 7ක් එදා ඔවුන් කොල්ලකෑහ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයයි. එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාය. ඔහු යටතේ ක්‍රියාත්මක එකී පොලිස් කණ්ඩායම බටුවත්තේ චූලා, සංජීව ඇතුළු කොල්ල කල්ලියම අත්අඩංගුවට ගන්නේ කොල්ල කන මුදල්ද, ඒ සඳහා යොදාගත් ගිනි අවිද සමඟිනි. සංජීව කුමාර සමරරත්නට මාකිලංගමුවේ සංජීව යැයි නම පට බැඳෙන්නේ ඒත් එක්කමය. ඒ ඔහු මාකිලංගමුවේ පදිංචිකරුවෙක් වූ බැවිනි. පාතාල ලෝකයට මාකිලංගමුවේ සංජීව නමින් ප්‍රබල අපරාධකරුවෙක් බිහිවන්නේ ද ඒත් එක්කමය.
ගයාන් කුමාර වීරසිංහ