
කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයෙන් “ප්‍රාණ“
- CNL Reporter
- February 24, 2025
- දේශපාලන, පුවත්
- child-care, dr chamal sanjeewa
- 0 Comments
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය උසස් කරන්නට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්‍රාණ” ප්‍රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්‍යාපන පහසුකම් ලබා දීම කේන්ද්‍රකොට සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.
පාසල් පොත්, ඇඳුම්, සපත්තු, අධ්‍යාපන උපකරණ, ප්‍රජා සමිති සහ මූල්‍යාධාර ලබාදීම සඳහා දායකත්වය දැක්විය හැකි සැමට මෙම ක්‍රියාකෘතියට සම්බන්ධ වන ලෙසට වෘත්තිය සමිති සන්ධානය ආරාධනා කරයි. ආරම්භයේදී මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරටුව කේන්ද්‍ර කොට ආරම්භ කරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පවසයි.
070 2057048 හරහා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සන්ධානය ප්‍රජා සත්කාරක අංශය සම්බන්ධ කොට මේ සඳහා දායකත්වය දැක්විය හැකි අයට වැඩිදුරොත්තුව තුළ ලබා ගත හැකි බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දරුවන් වෙනුවෙන් පාසල් තනන්නෙනේ නම් මිනිසුන් වෙනුවෙන් සිරගවල් තැනීම අවශ්‍ය නොවෙයි යන සංකල්පය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ඉතිහාසිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.