2025 වසරේ පළමු විදේශ රැකියා වෙළඳ පොළ මහනුවරදී පැවැත්වේ (VIDEO)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු  විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී (22) දින පැවැත්විණි.

මධ්‍යම පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොළ වැඩසටහන සංවිධානය කල අතර තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමටත්, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන පුහුණු පාඨමාලාවන් හැදෑරීමට අදාළ ආයතනවල මගපෙන්වීමට ද අවස්ථාව  හිමිවිය. තවද විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදිම සහ  ස්වයං රැකියා ආධාර ප්‍රධානයක් ලබා දීම මෙහි විශේෂ අවස්ථාවක් විය.

රජයේ පිළිගත්, NAITA, VTA, හෝටල් පාසල වැනි ආයතන වල  සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන විදේශ රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින රැකියාවලට අදාළ වෘත්තිය පුහුණු සඳහා බඳවාගැනීම් ද සිදුවිය.  වැඩසටහන හා සම්බන්ධ වෙමින් ආරාධිත දේශනය ඇමතූ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දක්වන ලදී.

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර  ලබාදීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විදේශ ශ්‍රමිකයින් නැවත මව්‍ රටට පැමිණි පසු ද ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවත් ප්‍රකාශ කරන ලදී.  විදේශගත වීමට නියමිත අයවලුන් තමගේ ලියාපදිංචිය විදේශ සේවා නියුක්ති කාර්යංශය සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට අවධාරණය කරන ලදී.

පැවැති ආණ්ඩු සමයේ ක්‍රියාකලාපයන් හේතුවෙන් බොහෝ අක්‍රමිකතා මෙම ක්ෂේත්‍රය තුළ අදටත් පැන නැගින  බවට විවේචන එල්ල වන බව ද මින් ඉදිරියට රැකියා අවස්ථාතේරීම් පටිපාටිය  විනිවිදභාවයකින් සිදු කිරීමට කටයුතු කරන බව  ප්‍රකාශ කර සිටියේය. ඉදිරි පරම්පරාවට ප්‍රශ්න ඉතිරි නොකර  දූෂණ, වංචා, නාස්තිය පිටු දකිමින් ප්‍රගතිශීලී මාවතක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යන බවට වැඩිදුරටත් සදහන්  කරන ලදී.

Tags:

Leave A Comment