
උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට
- CNL Reporter
- February 25, 2025
- පුවත්
- උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට
- 0 Comments
ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව සඳහන්ය.
අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි.
පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.
එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි තබන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
පසුව වෙඩික්කරු පළායන ගොස ඇත.
මේ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, මියගිය පුද්ගලයා 29 හැවිරිදි අයෙක් වන අතර අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවයි.
ADN