
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම හෙට (06) !
- CNL Reporter
- March 5, 2025
- දේශපාලන
- සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම හෙට (06) !
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ දීමනා කප්පාදුව සිය වෘත්තීන්ටද බලපාන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලා තිබුණි.
අදාළ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සම්මේලනය ඊයේ තීරණය කළේ එළඹෙන 6 වනදා පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමටය.
ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට අවතීර්ණවීමට නියමිතය.
ඇමතිතුමා වෛද්‍යවරුන්ට දුන්න පොරොන්දුව අපට දීලා නැහැ ..
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැඳවුම්කරු රවී කුමුදේශ්,
” දීමනා කප්පාදුව පිළිබඳ නලින්ද වෛද්‍ය නිලධාරීන්ට දීපු පොරොන්දුව අපිට අදාල නෑ. පරිපූරක වෛද්‍ය හෙද සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණයකල පරිදි නොවෙනස්ව ක්‍රියාත්මක වෙනවා..
සෞඛ්‍ය සේවාවේ දීමනා කප්පාදුව සෞඛ්‍ය වෘත්තීය වේදීන් සියලු දෙනාට පොදුවේ සිදුවූ අසාධාරණයක්. නලින්දගේ පොරොන්දුව තවම දීලා තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ට පමණයි. එක එක හැදි වලින් බෙදන සෞඛ්‍ය ඇමතිවරු සහ රජයන් තිබුණු නිසා වෛද්‍ය නිලධාරීන්ට දුන්න පොරොන්දුව අපිට අදාළ කර ගැනීමේ හැකියාවක් නැහැ. එම පොරොන්දුව කුමක්ද, එම පොරොන්දුව හෙද සේවාවට පරිපූරක වෛද්‍ය සේවාවට සහ අතුරු වෛද්‍ය සේවාවට ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ වගකීමක්. එම වගකීම මෙතෙක් ඉටු වී නැති බැවින්, වෛද්‍ය නිලධාරින් නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ධන ක්‍රියාමාර්ගය තීරණය කරගත් පරිදි 2025.03.06 දින නොවෙනස්ව ක්‍රියාත්මක වෙනවා.
පැවති රජයන් මෙන්, ජනතාවාදීයැයි කියන වත්මන් රජය, සෞඛ්‍ය වෘත්තිකයින්ට ඇතිකල අසාධාරණය ඉවත් කිරීමට, හැඳි දෙකක් පාවිච්චි නොකරණු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”
මේ අතර අයවැයෙන් දීමනා කප්පාදුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල ඊයේ දිවයින පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවල නිරත වුණි.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ද ඊයේ පෙරවරුවේ රාජගිරිය ගුවන් පාලම අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර තිබුණි.
ඒ මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 35,000ක් පමණ සිටියද, අයවැයෙන් රැකියා අවස්ථා යෝජනා කර ඇත්තේ 30,000කට පමණක් වන බැවින් සියලු රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදෙන්නැයි බල කරමිනි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවසීය.
එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල පැවසුවේ ඊයේ (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.
theleader.lk