
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?
- CNL Reporter
- March 7, 2025
- දේශපාලන
- දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?
- 0 Comments
අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.
දේශබන්දු තෙන්නකොන් ගේ ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනපති ලේකම් සනත් නන්දිත කුමානායක ට පොලිස් මූලස්ථානයෙන් ලිපියක් යවා ඇති බව පැවැසේ.
දේශබන්දු තෙන්නකෝන් ට නිල නිවාසයක්, නිලමෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයෙ නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බළකායන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණ.
වැලිගමදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් තැබූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් එවකට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනිම සදහා නියෝග නිකුත් කර තිබුණි.
එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකොන් අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවද පැවැසේ.
මේවන විට දේශබන්දු තෙන්නකොන් ගේ ජංගම දුරකතන තොරතුරු සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් අධිකරණයට බාර වේයැයි සිතා දින කීපයක් තිස්සේ මාධ්‍යවේදීන් රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැදී සිටි බවද ආරංචි මාර්ග පවසයි.
( lankadeepa | ගයාන් සූරියආරච්චි)