
පොලිස්පති නීතියට අනුව කටයුතු කළානම් හැංගිලා ඉන්න ඕනෑ නෑ
- CNL Reporter
- March 10, 2025
- දේශපාලන
- නි. ඇමැති සුනිල් වටගල
- 0 Comments
එළියට නොඑනවා නම් නීතිය ක්‍රියාත්මක කරනවා – නි. ඇමැති සුනිල් වටගල
හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු පොලිස්පති ද කියල වෙනසක් නෑ නීතිය කාටත් පොදුයි. පොලිස්පති නීත්‍යනුකූලව ක්‍රියාකර ඇත්නම් සැඟවී සිටීමට අවශ්‍ය නෑ. ඔහු එළියට එන්නේ නැත්නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණයට ඉදිරිපත් වීමට කල්දී තිබුණා. ඔහු අධිකරණය මඟ හරින්නේ නම් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ හැට, හැටඑක්වන සහ හැටදෙවන වගන්ති ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. මෙම නීති, පොතේ තිබුණාට මෙතෙක් ක්‍රියාත්මක වුණේ නෑ. එම නීති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ක්‍රියාත්මක කිරීමට පුළුවන් යැයි නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෙනකු අපරාධයක් කර අධිකරණය මඟ හැර හෝ වරෙන්තු පිට සිටීනම් ඔහුගේ දේපළ තහනමට ලක්කළ හැකියි. තමන්ගේ දේපළ තවදුරටත් තබාගැනීමට නම් සැඟවී සිටින තැනින් එළියට පැමිණ ඔහු අධිකරණයට ඉදිරිපත් විය යුතු බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ධම්මික සල්වතුර