පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.

පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වේ.

එය 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් අපේක්ෂකයකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් හෙට(15) දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා ඒ සඳහා විවෘතව තැබෙන බවයි.

අදාල ලිපිය www.drp.gov.lk පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමට ද පහසුකම් ලබා දී ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ සාමාන්‍ය පෙළ පාසල් ඉල්ලුම්කරුවන් සිටීනම් ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි

newsfirst

Leave A Comment