වෛද්‍ය චමල් සංජීවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන

සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට පසුගිය (16) දින උදෑසන සමගි ජන බලවේග පක්ෂ කොට්ඨාශ  කාර්යාලය තුළ සහ ඉන් පිටතදී රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයින් බව පවසන මග අහුරා මරණ තර්ජනය කොට ඇත.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට මීට පෙරද පැමිණිල්ල ලැබී තිබුණු පුද්ගලයන් බව පවසන අතර මොවුන් සම්බන්ධයෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසම හරහා පොලිස් මූලස්ථානය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කොට ඇත.

සමගි ජන බලවේගයේ නීතිඥවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම මැරකණ්ඩායම මෙහෙයවූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

හිටපු සෞඛ්‍යා අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල කෙහෙළිය මහතා සම්බන්ධ බාල ඖෂධ සිද්ධිය අනාවරණය කිරීම නිසා වෛද්‍ය චමල් සංජීව මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසම මගින් ආරක්ෂාව සපයා ඇත. මේ නිසා ඒ මහතාට සිදුවන ඕනෑම තර්ජනයක් සම්බන්ධයෙන් සෘජුව අදාළ කොමිෂන් සභාව දැනුවත් කිරීමට ඔහු කටයුතු කරන බැවින් එම ඒ යටතේ මෙම පැමිණිල්ලක් ගොනු කොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකා විශේෂ විමර්ශන ඒකකයට ද පැමිණිලි කරන බව වෛද්‍ය චමල් සංජය මහතා වැඩිදුරටත් පවසයි.

රත්මලාන ආසනයේ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට  තරග කිරීමට අවස්ථාව ලබා නොදීම කේන්ද්‍රකොට මෙම නීතිඥවරයා පිරිස ප්‍රමුඛගේ මෙහෙයවීම යටතේ මෙම තර්ජනය සිදුකොට ඇත.

මේ සම්බන්ධව පොලිස් කොට්ඨාසය වැඩිදුණ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

Leave A Comment