
අවම වැටුප ඉහළ නංවන්න කැබිනට් අනුමැතිය
- CNL Reporter
- April 9, 2025
- දේශපාලන
- අවම වැටුප
- 0 Comments
ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අනුව 2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු. 17500 සිට රු. 27000 දක්වා රු. 9500 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීමට ද, 2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රු. 700 සිට රු. 1080 දක්වා රු.380 කින් ඉහළ නැංවීමටත්, 2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.27000 සිට රු. 30000 දක්වා රු. 3000 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීමත්, 2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රු.1080 සිට රු. 1200 දක්වා රු.120 කින් ඉහළ නැංවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබිණි. 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම මගින් මේ වෙනස්කම් කෙරෙනු ඇත. කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත