
කොංගෝ ගඟේ මාරාන්තික බෝට්ටු අනතුරක්
- CNL Reporter
- April 20, 2025
- පුවත්
- කොංගෝ
- 0 Comments
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට අයත් , කොංගෝ ගඟේ මඟින් 500ක් රැගෙන ගමින් ගනිමින් තිබු ලී බෝට්ටුවක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 148 දෙනෙකු මියගොස් තවත් 100දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ . අතුරුදහන් වූවන් සොයාගැනීමට රතු කුරුස සංවිධානය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගෙන තිබේ . මිලියන 100 කට අධික යටිතල පහසුකම් නොමැති ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන්නේ කොංගෝවේ ගංගා හරහා යන මෙවැනි ලී බෝට්ටුය . ඉතා අනතුරුදායක ප්‍රවාහන මාධ්‍යක් ලෙස සැළකෙන මේවායින් , බරපතල බෝට්ටු අනතුරු නිතර දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .