දළදා වන්දනාවට ආණ්ඩුවෙන් වී.අයි.පී. පෝලිම් දමා නෑ

කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස
සිරි දළදා වන්දනාව සඳහා ආණ්ඩුවෙන් වී.අයි.පී. හෝ වී.වී.අයි.පී. පෝලිම් දමා නැතැයි කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආණ්ඩුව එවැනි පෝලිම් දමා නැති බව ද එවැන්නක් ආණ්ඩුව කරනවා යැයි කියනවා නම් එය පට්ටපල් බොරුවක් බවද ඊයේ (22දා) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.

කොහේ හරි එහෙම දෙයක් වෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යායුතු බවද මහජනතාවට එවැනි අසාධාරණයක් නොවන තැනට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

දළදා මාලිගාවේ අවශ්‍යතාව මත වෙනත් පෝලිමකින් පුද්ගලයන් දළදා වන්දනාවට ඇතුළු කරන බවට ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළත් ඇමැතිවරයා එය තහවුරු කිරීමක් නොකළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment